Wednesday, February 27, 2013

උප්පැන්න සහතිකය වෙනස් කරමුද

නම සහ වාසගම...
ගොඩ දවසක ඉදලා මගේ හිතට වද දීපු ප්‍රශ්නයක් තමයි මේ වාසගම උබලා හැමොම වාසගම ගැන දන්නවා කියලා මම හිතනවා.. ඇත්තටම අපිට වාසගමින් වඩැක් තියද ඇයි අපි වාසගම භාවිතා කරන්නේ.. ඒක අපිට ඕනමද මම හැමෝගෙන්ම අහන්නෙ කවුරු හරි මට මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද අනික තව දෙයක් මේ කතාව ලියන මගේ වාසගම ලංකාවම පිලිගත්ත හොදයි කියලා හිතන එකක්. මම බදින්න ඉන්න කෙල්ලගෙ එකත් ඒ වගේම එකක්. මටනම් වාසගමින් කිසිම වරදක් වෙලා නෑ. ඒත් ඇත්තම කතාව කිව්වොත් වාසගමින් ලාභනම් එමට ලැබිලා තියනවා. මම හිතන විදියට ඒ ලාභ මගේ හැකියාවට ලැබෙන්න ඕන ඒවා. නැතුව වාසගමට නෙමෙයි. මම මෙහෙම කියන්න හේතුවක් තියනවා. මේ රටේ හැම මිනිහම වගේ කරන්නෙ තමන්ට නැති දේ වල වැරදි පෙන්න එක. ඒත් මම ඒ ජාතියේ මිනිහෙක් නෙමෙයි. මම කරන්නෙ මට ලැබිලා තියන එකේ අඩුපාඩු පෙන්න එක......
උබලා හැමෝම දන්නවා මේ රටට වාසගම කියන සංකල්පෙ එන්නෙ කුල බිහිවෙනවත් එක්ක. ඒ ක්‍රමය තමයි අදටත් විකාශනය වෙන්නෙ. ඒ කාල පුද්ගල වෘතීන් තීරනය කරේ තමන්ගේ කුලය අනුව විවාහය තීරනය කරේ තමන්ගෙ කුලය අනුව. සමාජයෙ අනිත් වරප්‍රසාද ලැබුනෙත් කුලය අනුව. ඒ කාරනා වලට ගැලපෙන පුද්ගලයන් වෙන් කරලා අදුර ගන්න තමයි වාසගම යොදා ගත්තේ.. ඒත් අද වෙනකොට තත්වෙ වෙනස් රුකියාව තිරනය කරන්නෙ හැකියාව හා දැනුම. විවාහය තිරනය කරන්නෙ ගැලපිමෙන් හා වටහා ගැනීමෙන්. වරප්‍රසාද හිමිවෙන්නෙ තමන්ගෙ දක්ශතාවයට. අද රටේ ඉන්න හැම කෙනාම කියන්නෙ එහෙමයි. ඇත්තටම අද රට මේ වගේද.. නෑ.. මම හිතන්නෙ නෑ.. 
අදත් රස්සාවකට කෙනෙක් ගන්නකොට ඒ මිනිහගේ කුලේ ගැන හොයනවා හැම තැනම නෙමෙයි සමහර තැන් වලදී හොයනවා. අදත් විවාහයක් කර ගන්න යද්දී කුලේ ගැන හොයනවා. අද වෙද්දි තව මිනිහෙක්ට ගරු කරන්න කලින් ඒ කෙනාගෙ කුලේ ගැන හිතනවා. ඒ කියන්නෙ අපි තාමත් අතිතේ තිබුනු නුගත් සම්ප්‍රධාය රකිනවා. ඒ සම්ප්‍රදාය රකින්න අද වෙනකොට ඉතුරු වෙලා තියන එකම දේ තමයි මේ කෙහෙල් මල් වාසගම.
ඇයි දෙයියනෙ උබලට දැන්වත් හිතෙන්නෙ නැත්තෙ.. වල්ගෙ කපලා දාන්න කාලේ ඇවිත් කියලා.. ලංකාවෙ අද වෙනකොටත් තැන් තැන් වලින් අදටත් මතුවෙන මේ කුල මල භේදේ නැති කරන්න තියන හොදම දේ මේ වාසගම නැති කරලා දාන එක කියලා උබලට හිතෙන්නෙ නැද්ද????? කුල භේදේ නැති කරන්න කියලනම් ඕන තරම් අය කෑ ගහන්න ඉන්නවා ඇයි ඒ එකෙනෙක්වත් මේ යොජනාව කරන්නෙ නැත්තේ.. මමත් උබලා වගේම හිතන් හිටියෙ මේ කුලේ කාලයක් යනකොට මිනිස්සුන්ට අමතක වෙලා ගිහින් දැනුම හැකියාව දිනයි කියලා.. ඒත් එහෙම වෙන්න තව අවුරුදු 200වත් යාවි.. ඊට කලින් මේක කරන්න තියන හොදම විදිය තමයි උප්පැන්න සහතිකෙන් වාසගම අයින් කරන එක... අපි ඒ සදහා එකතු වෙන්න වෙලාව ඇවිත්...

2 comments:

  1. දක්ෂතාවයක් නැතිව වරප්‍රසාද ගන්න තමයි මෙච්චර කාළයක් මේ ක්‍රමය බාවිතා උනේ, මේ ක්‍රමය වෙනස් කරන්න හොදම කාළය තමයි දැන්. බුද්ධියට දැනුමට හැකියාවට ඉඩක් ලැබෙන සමාජයක් වෙනුවෙන්!!!!!

    ReplyDelete
    Replies
    1. පට්ට මචෝ අපි ඒ දේ කරමු

      Delete