Wednesday, February 27, 2013

උප්පැන්න සහතිකය වෙනස් කරමුද

නම සහ වාසගම...
ගොඩ දවසක ඉදලා මගේ හිතට වද දීපු ප්‍රශ්නයක් තමයි මේ වාසගම උබලා හැමොම වාසගම ගැන දන්නවා කියලා මම හිතනවා.. ඇත්තටම අපිට වාසගමින් වඩැක් තියද ඇයි අපි වාසගම භාවිතා කරන්නේ.. ඒක අපිට ඕනමද මම හැමෝගෙන්ම අහන්නෙ කවුරු හරි මට මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද අනික තව දෙයක් මේ කතාව ලියන මගේ වාසගම ලංකාවම පිලිගත්ත හොදයි කියලා හිතන එකක්. මම බදින්න ඉන්න කෙල්ලගෙ එකත් ඒ වගේම එකක්. මටනම් වාසගමින් කිසිම වරදක් වෙලා නෑ. ඒත් ඇත්තම කතාව කිව්වොත් වාසගමින් ලාභනම් එමට ලැබිලා තියනවා. මම හිතන විදියට ඒ ලාභ මගේ හැකියාවට ලැබෙන්න ඕන ඒවා. නැතුව වාසගමට නෙමෙයි. මම මෙහෙම කියන්න හේතුවක් තියනවා. මේ රටේ හැම මිනිහම වගේ කරන්නෙ තමන්ට නැති දේ වල වැරදි පෙන්න එක. ඒත් මම ඒ ජාතියේ මිනිහෙක් නෙමෙයි. මම කරන්නෙ මට ලැබිලා තියන එකේ අඩුපාඩු පෙන්න එක......
උබලා හැමෝම දන්නවා මේ රටට වාසගම කියන සංකල්පෙ එන්නෙ කුල බිහිවෙනවත් එක්ක. ඒ ක්‍රමය තමයි අදටත් විකාශනය වෙන්නෙ. ඒ කාල පුද්ගල වෘතීන් තීරනය කරේ තමන්ගේ කුලය අනුව විවාහය තීරනය කරේ තමන්ගෙ කුලය අනුව. සමාජයෙ අනිත් වරප්‍රසාද ලැබුනෙත් කුලය අනුව. ඒ කාරනා වලට ගැලපෙන පුද්ගලයන් වෙන් කරලා අදුර ගන්න තමයි වාසගම යොදා ගත්තේ.. ඒත් අද වෙනකොට තත්වෙ වෙනස් රුකියාව තිරනය කරන්නෙ හැකියාව හා දැනුම. විවාහය තිරනය කරන්නෙ ගැලපිමෙන් හා වටහා ගැනීමෙන්. වරප්‍රසාද හිමිවෙන්නෙ තමන්ගෙ දක්ශතාවයට. අද රටේ ඉන්න හැම කෙනාම කියන්නෙ එහෙමයි. ඇත්තටම අද රට මේ වගේද.. නෑ.. මම හිතන්නෙ නෑ.. 
අදත් රස්සාවකට කෙනෙක් ගන්නකොට ඒ මිනිහගේ කුලේ ගැන හොයනවා හැම තැනම නෙමෙයි සමහර තැන් වලදී හොයනවා. අදත් විවාහයක් කර ගන්න යද්දී කුලේ ගැන හොයනවා. අද වෙද්දි තව මිනිහෙක්ට ගරු කරන්න කලින් ඒ කෙනාගෙ කුලේ ගැන හිතනවා. ඒ කියන්නෙ අපි තාමත් අතිතේ තිබුනු නුගත් සම්ප්‍රධාය රකිනවා. ඒ සම්ප්‍රදාය රකින්න අද වෙනකොට ඉතුරු වෙලා තියන එකම දේ තමයි මේ කෙහෙල් මල් වාසගම.
ඇයි දෙයියනෙ උබලට දැන්වත් හිතෙන්නෙ නැත්තෙ.. වල්ගෙ කපලා දාන්න කාලේ ඇවිත් කියලා.. ලංකාවෙ අද වෙනකොටත් තැන් තැන් වලින් අදටත් මතුවෙන මේ කුල මල භේදේ නැති කරන්න තියන හොදම දේ මේ වාසගම නැති කරලා දාන එක කියලා උබලට හිතෙන්නෙ නැද්ද????? කුල භේදේ නැති කරන්න කියලනම් ඕන තරම් අය කෑ ගහන්න ඉන්නවා ඇයි ඒ එකෙනෙක්වත් මේ යොජනාව කරන්නෙ නැත්තේ.. මමත් උබලා වගේම හිතන් හිටියෙ මේ කුලේ කාලයක් යනකොට මිනිස්සුන්ට අමතක වෙලා ගිහින් දැනුම හැකියාව දිනයි කියලා.. ඒත් එහෙම වෙන්න තව අවුරුදු 200වත් යාවි.. ඊට කලින් මේක කරන්න තියන හොදම විදිය තමයි උප්පැන්න සහතිකෙන් වාසගම අයින් කරන එක... අපි ඒ සදහා එකතු වෙන්න වෙලාව ඇවිත්...

Tuesday, February 26, 2013

අප ඔහු අතැර ඇත්තේය....


අමනයාගේ චින්තනය කියවන හැමොම මේ වෙනකොට දන්නවා.. අපි කරන්නෙ මිනිස්සුන්ට හිතන්න අලුත් පැත්තක් දෙන එක විතරයි. ඒ පාර දිගේ දිගටම යන එක කියවන ඔයාලට තිරනය කරන්න ඉඩ ඉතුරු කරලා නවත්තන්නෙ ඒ නිසාමයි...
අදත් අපේ කතිකාවතට ‍තෝර ගත්තේ ඉතිහාසයට සම්බන්ද දෙයක්......
අපි හැමෝම දන්නවනෙ ලංකාවෙ ඉතිහාසය ලියවෙන්න පටන්ගත්තේ විජය ලංකාවට ආව කාලෙන්. ඒත් ඊට කලියෙන් මේ රටේ මිනිස්සු හිටියා ඒක කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ කියලා මම දන්නවා.. අපි ඒ කාල සීමාවට කියන්නෙ ප්‍රග් ඓතිහාසික යුගය කියලා. ආ ආ ඕක ඉතින් කවුරුත් දන්න කතාවනෙ. ලංකාවේ වැඩිපුරම ප්‍රග් ඓතිහාසික යුගය ගැන තොරතුරු ලැබෙන්නෙ රත්නපුර පැත්තෙන්. ඒ නිසාම හැමෝම කියන්න පුරුදුවෙලා ඉන්නෙ ප්‍රාග් ඓතිහාසික මානවයා වැඩිපුරම ජිවත් වෙලා තියෙන්නෙ රත්නපුරේ කියලා..
ඔන්න දැන් අපි හිතන විදිය.. හිතලා බලන්න ඇත්තක් තියනවද කියලා..
අපි කවුරුත් දන්නවනේ ඔය මානවයගේ තොරතුරු පොලව මතුපිටින් ගන්න ලැබෙන්නෙ කලාතුරකින්. එයාලා ජිවත් උන කාලෙත් එක්ක එයාලගේ අතිතේ වැලලිලා ගිහින්. ඒ නිසාම වෙන්න ඇති එයාලා ගැන හොයන්න පොලව හාරගෙන යන්න වෙලා තියෙන්නෙ. අපි කවුරුත් දන්නවා ලංකාවේ වැඩිපුරම පොලව හාරන පැත්ත තමයි රත්නපුර. හේතුව මැණික්. එහෙම හාරගෙන යනකොට මොනව හරි වෙනස් දෙයක් ලැබුනාම අපේ අය ඒ ගැන හොයනවා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා එතන ප්‍රග් ඓතිහාසික මානවයා ජිවත් වෙලා තියනවා කියලා.
පොඩ්ඩකට හිතලා බලන්නකො එතකොට උබලටම තෙරෙයි.. මේ කතාව ඔය විදියට ලංකාව අතුලේ පොලව හාරගෙන බහින එකම තැන තමා රත්නපුර. ඒ නිසා අතීත මානවයා ගැන අද වෙනකොට ගොඩක්ම තොරතුරු ලැබිලා තියෙන්නෙත් එහෙන්.. ඉතින් එහෙනම් අපි කොහොමද කියන්නෙ ලංකාවේ වැඩිපුරම අතීත මානව ජනාවාස තිබුනෙ රත්නපුරේ කියලා. වෙන තැන් ගැන හොයනෙ නැතුව..
ඔන්න මගේ අදහස අපිට දැන් නියම කාලේ ඇවිත් මේ ගැන හොයන්න අපි හොයාගෙන යමු ඇත්තටම අපේ ඉතිහාසය මොන වගේද කියලා...

Sunday, February 24, 2013

මගේ Style එක සමාජවාදය...

Style එක, ඕකෙන් මිනිස්සු බලපොරොත්තු වෙන්න තමන්ට ඕන විදිහට නොවෙන දෙයක් ඕක තමා මටත් ඕන වුණු දේ කියල පෙන්නන්න.එහෙම නැතුව තමන්ට ගැලපෙන විදිහට මේ ලොකේ හදාගන්න try කරේ ටික දෙනෙක් විතරයි.එක්කො ඒ මිනිස්සු වීරයො වෙලා,එහෙම නැත්නම් කාටවත් මතකයක්වත්  ඉතුරු නොකර යන්න ගිහිල්ලා.හැබැයි වැල යන අතට මැස්ස ගහපු අය අදටත් ජීවත් වෙනව එත් උන්නත් මළා වගේ.                         
ඕකට ප්‍රභලම උදාහරණය ලංකාව තුළම හෙව්වොත්.අපි යමු 71ට 89ට.පිළිගන්න ඔය කාලෙ  trend එක එහෙම නැත්නම් Style එක සමාජවාදය.ඒ Style එකට ඒ Trend එකට ඕන විදිහට හැම දේම නිර්මණය උනා.කාල් ගැන,ලෙනින් ගැන පොත් ලියවුනෙ එදා.ඇයි අද අපට ඒවා එපාද?නෑ එහෙම නෙමෙයි අද ඒක Trend එක නෙමෙයි.නන්දා මාලනීගෙ පවන අදට වලංගු නැද්ද?සුනිල් අරියරත්නයන්ට අද එහෙම පද ලියවෙන්න නැද්ද?නෑ එහෙම නෙමෙයි.අද ඕක Style එක නෙමෙයි.
හරි මෙහෙම හිතන්න එදාට වඩා අද සමාජවාදයේ වුවමනාව,අවශ්‍යතවය වැඩි නැද්ද?එහෙනම් ඇයි එදා එකට තිබ්බ value එක අද නැත්තෙ.මොකද සමාජවාදය අද Trend එක නෙමෙයි,ඒක Style එකත් නෙමෙයි.

Friday, February 22, 2013

සීගිරිය ගැන අපිට දැනෙන අදහසක්

සීගිරිය


ඔයාලට වෙනස් විදියට හිතන්න උගන්නන එක මට දැන් මගේ ජොබ් එක වෙලානේ ඒ නිසා හැමදාම වෙනසක් තියන දෙයක් ලියන්න හිතා ගත්තා
ඔයාලා දන්නවනෙ මේ ලංකාව කියලා. ඕයාලා දන්නවනෙ සීගිරිය ගැන... මට හිතුනා සීගිරිය ගැන අලුත් අදහසක් දෙන්න....
අපි කවුරුත් දන්න විදියට සීගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා
ඒතුමා සිගිරිය හැදුවේ මුගලන්ගෙන් ආරක්ශා වෙන්න.....
මාත් පිලිගන්නවා සිගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා කියලා
ඒත් මම පිලිගන්නෙ නෑ ඒක හැදුවේ මුගලන්ට තියන බයට කියලා...

ඕන්න දැන් මම කියන්නෙ මගේ අදහස.. සිගිරිය ගැන....

උබලා අපි කවුරුත් දන්න විදියට සිගිරියට ඇතුල් වෙන්නෙ සිංහ පාද දෙකක් මැදින් උඩට යන්න තියෙන්නෙ ගලින් කරපු තනි පඩි පෙලකින්.. ඒ පඩි පෙල ඉවර වෙන්නෙ කපොල්ලක් වගේ තැනකින්. එතන ඉදන් තියෙන්නෙ සිගිරි චිත්‍ර. උඩටම ගියාම රජ මාලිගය... පට්ට පට පට. ඒකෙ උඩ ජල මල් එක්ක පොකුනු පවා තියනවා. හරියටම කියනවනම් සිගිරිය කියන්නෙ කලාගාරයක්. ඒකේ තියෙන්නෙ විශ්මිත තාක්ශනයක් කියලා කවුරුත් වගේ දන්නවනෙ...
හරි දැන් උබලා හිතපල්ලකො සිගිරිය මුගලන්ගෙන් බේරෙන්න බලාගෙන හැදුව එකක් නම් ඕක කලාගාරයක් තරමට ලස්සන කරන්න කාශ්‍යපට පිස්සුද.. හරි ඒකත් වෙන්න පුලුවන් කියමුකෝ... නිකමට හිතපන් මුගලන් තමන්ගේ සේනාව අරගෙන ආවම කාශ්‍යප සිගිරිය උඩටම වෙලා හිටියනම් මුගලන් සිගිරිය පරද්දයිද.. හීනෙන් තමා ඉතින් අර පඩි පෙලේ එකා පස්සෙ එකා එනකොට ඉස්සරහා එන එකාට ගහලා බිම දැම්මාම වෙන දේ හිතපන්කො..එහෙම තියාගෙන කාශ්‍යප සිගිරියෙන් බිමට බැස්සෙ මුගලන්ට බය වෙලාද... හද තමා..දැන් හිතලා බලපන්කෝ කාශ්‍යප කියන්නෙ බය ගුල්ලෙක් නෙමෙයි නේද ඔය තරමට ආරක්ශාව තියාගෙනත් මුගලන් එක්ක යුද්දෙට කාශ්‍යප සිගිරියෙන් බැහැලා ගියේ මුගලන්ට බය නැති නිසානම් ඇයි දෙයියනෙ මෙච්චර ලස්සන කලාගාරයක් හැදුව කාශ්‍යප මුගලන්ට බයේ ඒක හැදුවා කියලා කියන්නෙ.. ඇත්තටම එහෙම කියන්නෙ පිස්සුවෙන්ද
මම මේක ලියන්න හේතුව ගොඩක් පොත් වල සිගිරියට දීලා තියන පැහැදිලි කිරීම් වැරදි නිසා..අපේ පොඩි උන් වැරදි ඉගන ගන්න නිසා.....

Thursday, February 21, 2013

ඇත්තටම මේ මොකක්ද

මේ දවස්වල රටේ ලිංගික අපරාධ වැඩි වෙලාලු....
හැමෝම වගේ මේ ගැන කතා කරා
දැන් ඒක අමතක කරලා දාලා
අයෙත් සිද්ධියක් උන ගමන් කතා කරාවි
නීතී තද කරන්න කියාවි......
අමතක කරලා දාවි
කාටත් මේ දවස් වල මේ මාතෘකාව ගැන මතකයක් නැති නිසා වෙනස් විදියෙ අදහසක් දෙන්න මම හිතුවා..
හැමදාම කියන්නෙ නිතී තද කරාම මේක අඩුවෙනවා කියලා එහෙම කියලා නිතී කොයි තරමටනම් තද කරාද ඒත් කෝ අඩු උනාද නෑ නේ....
උබලා මගේ අදහස කොයි විදියට පිලිගනිද දන්නෙ නෑ කොහොම පිලිගත්තත් මේ මගේ හිතට එන දේ.... එහෙනම් කිවලාම බලපන්කෝ....
නිකමට හිතපන් අපි හැමදාම වගේ හොයන්නෙ අලුත් දේවල්... වෙනස් දේවල් ඒ මිනිස් වර්ගයාගේ හැටි.... මතක් කරලා බලපන් පුන්චි කාලේ මොන තරම් අපිට පිහියට අත කැපෙනවා අල්ලන්න එපා කිව්වත් අපි හැමදාම ඒක අල්ලනවා අත කපා ගන්නකම්ම අල්ලනවා... කැපුනට පස්සෙ තේරෙනවා කිව්ව කතව ඇත්ත කියලා... ඒදා ඉදලා අපි පිහියට බය වෙනවා පරිස්සමෙන වැඩ කරනවා. උබලට හිතෙන්නෙ නැද්ද ලිංගික ජිවිතයත් මේ වගේ කියලා
                                                              මම හොදටම දන්න දේ තමයි මේ දැන් වෙනකොට ඖරුදු 14 15 විතර පොඩි උන් තමා වැඩිපුරම ලිංගික අත්දැකීම් වලට යොමු වෙන්නෙ පොඩ්ඩකට හිතුවද එහෙම වෙන්නෙ ඇයි කියලා එහෙම හිතුවනම් මෙහෙම වෙනවද නෑ එහෙම හිතුවනම් මේ වගේ වැඩ වෙන එක නවත්තන එක මහ දෙයක් නෙමෙයි...නිකමට හිතලා බලපන්කෝ අපි හැමොටම පුංචි කාලයක් තිබුනා.. ඒ කාලෙදී කොහෙන් හරි වැල පත්තරයක් ලැබුනොත් අපි ඒක මැරීගෙන කියෙව්වා.. ඒ ඇයි අපිට ලිංගිකත්වය ගැන දැනුමක් නොතිබුන නිසා.. අපි දැන ගෙන හිටියා අපි කරන වැඩේ වැරදියි කියලා ඒත් අපි ඒක කරා,,,,, නිකමට හිතපන් වැල පත්තර කියවලා ඒ අත්දැකීම ගන්න අපි ආස කරා ඒ දේවල් මොන වගේද කියලා අපි හැම වෙලේම හිතන්න ගත්තා.. 
එහෙම නොවෙන්න තිබ්බා වැල පත්තරේකින් හරි වෙන විදියකින් හරි අපි දැන ගන්න කලින් අපිට ලිංගිකත්වය ගැන අවබෝධයක් ලැබිලා තිබුනම්....අපිට ඔය දේවල් දැනෙන කාලෙදිම කවුරුහරි කෙනෙක් පුතේ ලිංගික ජීවිතය කියන්නෙ මේ වගේ දේකට මේකේ අන්තිම ප්‍රතිපලය මේකයි කියලා කියලා දුන්නම් අපි මීට වඩා වෙනස් විදියකට මේ ගැන හිතන්න තිබුනා අවාසනාවට එහෙම කියලා දෙන්න තරම් කෙනෙක් අපිට හිටියෙනෑ අපි මේ දේවල් ඉගන ගත්තේ කරලම බලලා...
නිකමට හිතපන් පොඩි වයසක ඉන්න එකෙක් මේ දේ කරලා බලලා ඉගන ගන්න යන වෙලාවක ඕනම කෙනෙක්ට ලේසියෙන් ගොදුරක් වෙන්න පුලුවන්... එහෙනම් දැන් කරන්න ඕන දේ උබලට තේරෙනවද මේ රටේ වෙන්න ඔන එකම දෙයයි... ඒ නියම වයස ආවම පුංචි උන්ට ලිංගික ජිවිතය ගැන පුර්ණ් අවබෝදයක් දෙන්න ඕන... දැන් වෙනකොට සෞක්ය පොතේ දෙනවා වගේ පුංචි චුන් එකක් නම් නෙමෙයි එහෙම දුන්නාම වෙන්නෙ මේක තවත් වැඩි වෙන එක... තව තවත් වැඩියෙන් හොයන්න යන එක.... මමනම් හිතන්නෙ ලිංගිකත්වය කියන විශය වෙනම උගන්නන එක තමා හොදම දේ....
ඒත් මේ රටේදි ඒක කෙරෙනකම් බලන් ඉන්න එක නිකම් හීනයක් වගේ මටනම් ඒ නිසා මම මට කියලා තිරණ්යක් ගත්තා ඒ තමයී මගේ කියලා පොඩි එකෙක් ඉන්න දවසට මම ඌට මේ හැම දේම නියම විදියට නියම වසසෙදි තේරුම් කරලා දෙනවා අයේ කාටවත්ම අමුතුවෙන් උගන්නන්න දෙයක් නැති වෙන විදියට එතකොට ඌ වත් හරි පාරක යාවි... මේ මගේ මතය... කියවලා අදහසක් දාලම පලයල්ලා...

Wednesday, February 20, 2013

පිස්සන් කො‍ටුව ( මානසික රෝහල )

 පිස්සන් කො‍ටුව( මානසික රෝහල )



චින්තනයෙන් ඔබ්බට චින්තනය.....
                  අපි හැමෝම හිතන විදිය ටිකක් වෙනස් කරලා බලමුද..
ඒදාට වඩා අද වෙද්දි දර්ශනිකයන් අඩු වෙන්නෙ ඇයි.....
                  ඔන්න ඕක තමයි මගේ ප්‍රශ්නය.......
                     
                               මම දන්න දෙතුන් දෙනෙක්ගෙන්ම මම මේ ප්‍රශ්නෙට උත්තර ඇහුවා.... ඒ හැමෝම වගේ දෙන්නෙ එකම එක වගේ උත්තර... ඒ නිසාම වෙන්න ඇති මට මේ වගේ එකක් ලියන්න හිතෙන්න අත්තේ.....
                                (හැම කෙනාම වගේ හිතන්නෙ අද වෙනකොට එදා තරම් හොයා ගන්න අලුත් දේවල් නැතුව ඇති කියලා)
                             

                                ඒත් හිතලා හිතලා මම හොයා ගත්තේ ඊට ගොඩක් වෙනස් උත්තරයක් මෙන්න මගේ උත්තරේ.....

                                පිස්සන් කො‍ටුව( මානසික රෝහල )

                                මම දන්නවා වීරයා වගේ කිව්ව පලියට දෙයක් ඇත්ත වෙන්නෙ නැ ඒ දේ ඕප්පු කරන්න පුලුවන් වෙන්නත් ඕන.... එහෙනම් ඉතින් කියවාගෙන යන්න අවසරයි...
                                මම පොඩ්ඩක් යනවා අතීතය පැත්තට. ඒ කාලේ ඉදියෙත් අද කාලෙ ඉන්නවා වගේම මිනිස්සු ටිකක්... ඒ මිනිස්සුත් හිතන් ඉදියෙ අද වගේම උන්ගෙ ලොකේ දියුනුයි කියලා. තවත් හොයා ගන්න තරම් දේවල් මේ ලොකේ නෑ කියලා.. යකෝ එහෙම අද වගේම ගොඩක් අය ඒ කාලෙත් හිතන්න ඇති... එහෙනම් අලුත් දේවල් උන් හොයා ගත්තෙ කොහොමද.... ??? දීපියකො දැන් උත්තර...
                               ඔන්න දැන් වරෙන් රෙද්ද උස්සගෙන මට බනින්න... මම දන්නවා.. උබලා කියන දේ ඒ කාලෙ ඉන්න හැම මිනිහම ඒ විඩියට හිතුවෙ නෑ ඒකනෙ උබලා දෙන උත්තරේ... ඔව් ඒක ඇත්ත... එහෙම නොහිතපු අය හිටියා.. උන් මහන්සිවෙලා ලෝකෙනම බැනුම් අහගෙන අලුත් දේවල් හෙව්වා... සමහරු උන්ව ලැජ්ජා කරා ඒ හැම දේම විදගෙන උන් අලුත් දේවල් ගැන හිතුවා.. අන්තිමට උන් අලුත් දේවල් හොයා ගත්තා.. ඊලගට හැම කෙනෙක්ම ඒ මිනිහට ආදරේ කරා...
                               ඕන්න දැන්තමා මගේ කතාවෙ හොදම හරිය... අද වෙනකොටත් මිනිස්සු හිතන්නේ ඒ විදියටම තමා... තව කොහෙද අලුත් දේවල්... හැම දේම මුන් හොයාගෙන ඉවරයිනෙ.... නෑ එහෙම නොහිතන උන් අදත් ඉන්නවා... අලුත් විදියට හිතන උන් අදත් ඉන්නවා.. උන් දැනුත් අලුත් දේවල් ගැන හිතනවා.. ඒ කාලේ වගේම අදත් උන් දිහා බල්ලා මිනිස්සු හිනා වෙනවා... උන්ට ලැජ්ජ කරනවා... ඉස්සරම් මේ හැම දේම කරලා හරි වෙන දෙයක් වෙන්න කියලා ඌව අත ඇරලා දානවා... ඒත් දැන කරුමෙට වෙන්නෙ එහෙම නෙමෙයි... ලැජ්ජ කරලා බැරිම උනොත් පිස්සා කිය කිය බනින්න පටන් ගන්නව... ඒ බැනලත් හරි නොගියොත් පිස්සන් කො‍ටුවකට දානවා... අන්තිමේදී පිස්සන් කො‍ටුවෙන් උගේ මනස පාලනය කරන්න බෙහෙත් දෙනවා... බෙහෙත් පොවලා පොවලා.. ඌව පිස්සෙක් කරලා ගෙවල් වලට එවනවා... විප්ලවීය චින්තකයා අද වෙනකොට මරලා දාන්නෙ ඔන්න ඔය විදිය...
                             ඒ නිසාමද මන්දා දැන් වෙනකොට වෙනස් විදියෙ දෙයක් දැනුනොත් මිනිස්සු ඒක කියන්න පුදුම විදියට බය වෙනවා....මිනිස්සු සමාජේ ඉස්සරහා තම‍ඟෙ තත්වෙ ‍රැක ගන්න අනිත් මිනිහා කරන දේම කරනවා මිසක් වෙනසක් කරන හිතන්නෙ නෑ ඒ නිසාවත් අත ඇරලා දාපල්ලා උබලගෙ ඔය මාන්නේ... අපි හැමොම ඉපදින්නෙ මැරෙන්න මැරෙන්න කලින් උබටම කියලා හිතෙන අලුත් දෙයක් ඉතුරු කරල....
                              එහෙනම් පිස්සෙක් වගේ හිතන්න පිස්සො හැමොටම ආරාදනා..... 
         පිස්සන් කො‍ටු නැති හෙටක් අපිට ඌදා වේව... ( අපි හැමෝම පිස්සො වගේ හිතනවනම් ඕන වෙන්නෙ නෑනේ... කොහොමද මගෙ ටිකිරි මොලේ???)

Sunday, February 17, 2013

කවියෙකුගෙ ආදරය...


ඉතින් අවසරයි..
අයෙමත් ආදරය කරන්නට නුඹට,
මං මුළා වු විටෙක සිතුවිලි අතර,
මැවෙන සිහින ලොව දෙනෙත් අභියස,
තනි වෙන්නට පුරුදු ලොවේ නුඹත් සමග,
ආදරෙයි මම නුඹට ලියවෙනතුරා නුඹ..

වාරු ඇතිතුරා මා සුරත,
පෙම් ලොව අපටමයි මා සොදුර
පිටු,කොළ,පොත්,
පැය,දින,සති..
ගෙවී ගියමුත් පුරුදු ලෙසටම,
අළුත් අප අදරය මොහොතින් මොහොත


නල්ල මලේ සමාජ වාදය....


නල්ල මලේ සමාජ වාදය....

                      මට දැන් වෙනකොට ඔය වචනෙ ඇහුවාම වමනෙටත් එනවා. ඒ ගානට අපිව වැට්‍ටුවෙ මේ රටේ ඉන්න සමාජවාදියෝ. නිකමට හිතලා බලන්න. කවදාවත් මේ රටේ සමජවාදේ කියන වචනෙ ඇත්තක් වෙන්නෙ නැත්තෙ ඇයි. දැන් වෙනකොට සමාජවාදෙ සමාජයට වදයක් උනෙ ඇයි. උබලා ඒ ගැන නිකමටවත් හිතුවද? නෑ එහෙම හිතුවනම් අද රටට මේ කල යන්නෙ නෑ.
                     මාක්ස් පන දීලා එංගල්ස් ජිවත් කරවලා මේ ලොකෙට සමාජවාදය ගෙනාවේ උබලට කාලා විනාස කරන්න නෙමේයි.රුසියාවෙදි කියුබාවෙදි.. ලොකේ තව ගොඩක් රටවල් වල ඇති උනා. වෙනසක් ලොකෙටම පෙන්නුවා. එත් තාම ලොකේ ඉන්නෙ එකතැනක නැවතිලා. උන් ඒ රට වලදි කරේ ඒ ඒ රටට ගැලපෙන දේ දැන් අනීත් රටවල ඉන්න මොඩයො කරන්නෙ උන් කරපු වැඩේ තමන්ගෙ රටෙත් කරන්න යන එක, නිකමට හිතලා බලපල්ලා. ඒ වැඩේ කරන්න පුලුවන්ද අපේ මිනිස්සුන්ට ඒක දැනෙනවද. නෑ කොහෙත්ම නෑ.. එහෙනම් කෙකර බබා ඉන්නෙ නැතුව දැන්වත් වැඩ පටන් ගනිල්ලා. හරි වැ‍රැද්ද මොකක්ද් කියලා බලලා.
                    මෙන්න මේ ටිකත් දැන ගනිව් අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ කරන්න වෙන දෙයක් නැති කමට සමාජවාදය කරන්න ගොන් යක්කු ටිකක්... උන් ටික තමයි රටේ මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් සමාජවාදය එපා කරන්නෙ... කන්න බොන්න දෙයක් නැති උනාම සමාජවාදය ඉල්ලා පාරට බැහැලා කෑ ගහනවා... බඩ කට පිරුන ගමන් හැමදේම අමතක කරලා දානවා.. අනේ මන්දා මෙහෙමත් යක්කු ටිකක්...
                    මම දකින විදියට සමාජවාදය කියන්නෙ මිනිහෙක්ගේ පපුවෙන්ම එන්න ඔන හැගීමක් අනික මම දකින සැබෑ සමාජවාදියා කියන්නෙ ධනපති පන්තියේ කෙලවරින් හැමදේම නැතිකර ගන්න බලාගෙන සමාජවාදයට එන මිනිහා...නැතුව හිගන්නෙක් වගේ බලන් ඉදලා කන්න බොන්න නැති උනාම විප්ලවයට එන එකා නෙමෙයි... ඒවගේ හිගන්නො විප්ලවයට එකතු වෙන නිසා තමයි හැමදාමත් අපේ විප්ලව පාවා දෙන්නෙ...

Saturday, February 9, 2013

අයිතිකරුගේ කතාව - 2

ඔන්න කතාවේ දෙවනි කොටස මල්ලියො... උබ මගේ ඇහින් දැකපු පුංචි විරයෙක්... මෙ ලොකේ ගොඩක් මිනිස්සු ඇත්ත දැක දැක නොදැක්කා වගේ බලාගෙන ඉන්න කොට උබ ඇත්ත වෙනුවෙන් පොඩි වයසෙදිම කතා කරපු පොඩි එකෙක්.. දැන් ඒ පොඩි එකා ලොකු වෙලා පොඩ්ඩක් නෙමේයි ගොඩාක් ලොකු වෙලා උබේ ඒ වීර ජිවිතේ මම හිතුවෙ කාලෙත් එක්ක මැරිලා යයි කියලා එත් මට වැරදුනා කාලෙ මැරිලා ගිහින් පොඩි විරයා තාමත් ජිවත් වෙනවා.ඔන්න අයෙ අපි කතාවට එනවා... උබලනම් බලයි මම ඔනනෙ ලියන්න... වෙන වැඩ නැතුව නෙමෙයි... ලියන්න ඕනම දෙයක් නිසයි පන දාගෙන ලියන්නෙ..ආ ආ ඔන්න අර මම කිව්ව කොට කලිසම ඇද ගත්ත පොඩි එකා.. පොඩි කම පැත්තකට තියලා හොල් එකක් හෙල්ලෙන්න කතාවක් කරලා එලියට එනවා.. පුදුමෙ කියන්නෙ මු එලියට බැහැලා ඉන්නෙ ඌ කතා කරේ වත් නැති ගානට.. ඒ නිසාම තමයි අපි හැමොම මු ගැන හිතන්න පටන් ගත්තෙ.. පට්ට.... ඒදා ඒ පොඩ් එකාගෙ තිබුනු අහිංසක හිනාව අදටත් මට මැවිලා පෙනවා.. උඹ ඒ හිනාව අදටත් ‍රැකගෙන ඉන්න එක පුදුමයි...