Friday, February 22, 2013

සීගිරිය ගැන අපිට දැනෙන අදහසක්

සීගිරිය


ඔයාලට වෙනස් විදියට හිතන්න උගන්නන එක මට දැන් මගේ ජොබ් එක වෙලානේ ඒ නිසා හැමදාම වෙනසක් තියන දෙයක් ලියන්න හිතා ගත්තා
ඔයාලා දන්නවනෙ මේ ලංකාව කියලා. ඕයාලා දන්නවනෙ සීගිරිය ගැන... මට හිතුනා සීගිරිය ගැන අලුත් අදහසක් දෙන්න....
අපි කවුරුත් දන්න විදියට සීගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා
ඒතුමා සිගිරිය හැදුවේ මුගලන්ගෙන් ආරක්ශා වෙන්න.....
මාත් පිලිගන්නවා සිගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා කියලා
ඒත් මම පිලිගන්නෙ නෑ ඒක හැදුවේ මුගලන්ට තියන බයට කියලා...

ඕන්න දැන් මම කියන්නෙ මගේ අදහස.. සිගිරිය ගැන....

උබලා අපි කවුරුත් දන්න විදියට සිගිරියට ඇතුල් වෙන්නෙ සිංහ පාද දෙකක් මැදින් උඩට යන්න තියෙන්නෙ ගලින් කරපු තනි පඩි පෙලකින්.. ඒ පඩි පෙල ඉවර වෙන්නෙ කපොල්ලක් වගේ තැනකින්. එතන ඉදන් තියෙන්නෙ සිගිරි චිත්‍ර. උඩටම ගියාම රජ මාලිගය... පට්ට පට පට. ඒකෙ උඩ ජල මල් එක්ක පොකුනු පවා තියනවා. හරියටම කියනවනම් සිගිරිය කියන්නෙ කලාගාරයක්. ඒකේ තියෙන්නෙ විශ්මිත තාක්ශනයක් කියලා කවුරුත් වගේ දන්නවනෙ...
හරි දැන් උබලා හිතපල්ලකො සිගිරිය මුගලන්ගෙන් බේරෙන්න බලාගෙන හැදුව එකක් නම් ඕක කලාගාරයක් තරමට ලස්සන කරන්න කාශ්‍යපට පිස්සුද.. හරි ඒකත් වෙන්න පුලුවන් කියමුකෝ... නිකමට හිතපන් මුගලන් තමන්ගේ සේනාව අරගෙන ආවම කාශ්‍යප සිගිරිය උඩටම වෙලා හිටියනම් මුගලන් සිගිරිය පරද්දයිද.. හීනෙන් තමා ඉතින් අර පඩි පෙලේ එකා පස්සෙ එකා එනකොට ඉස්සරහා එන එකාට ගහලා බිම දැම්මාම වෙන දේ හිතපන්කො..එහෙම තියාගෙන කාශ්‍යප සිගිරියෙන් බිමට බැස්සෙ මුගලන්ට බය වෙලාද... හද තමා..දැන් හිතලා බලපන්කෝ කාශ්‍යප කියන්නෙ බය ගුල්ලෙක් නෙමෙයි නේද ඔය තරමට ආරක්ශාව තියාගෙනත් මුගලන් එක්ක යුද්දෙට කාශ්‍යප සිගිරියෙන් බැහැලා ගියේ මුගලන්ට බය නැති නිසානම් ඇයි දෙයියනෙ මෙච්චර ලස්සන කලාගාරයක් හැදුව කාශ්‍යප මුගලන්ට බයේ ඒක හැදුවා කියලා කියන්නෙ.. ඇත්තටම එහෙම කියන්නෙ පිස්සුවෙන්ද
මම මේක ලියන්න හේතුව ගොඩක් පොත් වල සිගිරියට දීලා තියන පැහැදිලි කිරීම් වැරදි නිසා..අපේ පොඩි උන් වැරදි ඉගන ගන්න නිසා.....

2 comments:

  1. සීගිරිය රාවණ රජුගේ යුගයේ නිර්මාණය කරපු තැනක්. කාශ්‍යප කළේ එතන ඉන්න පාවිච්චි කරපු එක විතරයි. ද්වාපර යුගයේ දියුණු තාක්ෂණයක් තිබුණ නිසා තමයි එතන පුදුම සහගත වෙන්නෙ. කාශ්‍යපට සුළූ කාලයකින් ඔය තරම් ජල උද්‍යාන නිර්මාණය කරන්න පුළුවන් කමක් නෑ. අපේ ඉතිහාසය ගැන මීට වඩා පුළුල්ව හොයන්න දැනගන්න ලැබේවි තවත් පුදුම තොරතුරැ

    ReplyDelete
    Replies
    1. මමත් කැමතියි ඔයා කියන කතාව පිලිගන්න ඒත් මහත්මයත් දන්නවා ඇති අපිට තාම ඒ කතාව ඕප්පු කරලා පෙන්න සාක්කි නෑ.. අනික සි 14 පරීක්ශන වාර්තාවන් කියන විදියට සිගිරි නිර්මාන සියල්ලම පාහේ අයිති කාශ්‍යප යුගයට.... එහෙම නේද?? පිස්සු වගේ පෙනුනට මම කියන හැම වචනයක්ම ලියන්නෙ ලොකු වගකීමකින්.....

      Delete