Tuesday, February 26, 2013

අප ඔහු අතැර ඇත්තේය....


අමනයාගේ චින්තනය කියවන හැමොම මේ වෙනකොට දන්නවා.. අපි කරන්නෙ මිනිස්සුන්ට හිතන්න අලුත් පැත්තක් දෙන එක විතරයි. ඒ පාර දිගේ දිගටම යන එක කියවන ඔයාලට තිරනය කරන්න ඉඩ ඉතුරු කරලා නවත්තන්නෙ ඒ නිසාමයි...
අදත් අපේ කතිකාවතට ‍තෝර ගත්තේ ඉතිහාසයට සම්බන්ද දෙයක්......
අපි හැමෝම දන්නවනෙ ලංකාවෙ ඉතිහාසය ලියවෙන්න පටන්ගත්තේ විජය ලංකාවට ආව කාලෙන්. ඒත් ඊට කලියෙන් මේ රටේ මිනිස්සු හිටියා ඒක කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ කියලා මම දන්නවා.. අපි ඒ කාල සීමාවට කියන්නෙ ප්‍රග් ඓතිහාසික යුගය කියලා. ආ ආ ඕක ඉතින් කවුරුත් දන්න කතාවනෙ. ලංකාවේ වැඩිපුරම ප්‍රග් ඓතිහාසික යුගය ගැන තොරතුරු ලැබෙන්නෙ රත්නපුර පැත්තෙන්. ඒ නිසාම හැමෝම කියන්න පුරුදුවෙලා ඉන්නෙ ප්‍රාග් ඓතිහාසික මානවයා වැඩිපුරම ජිවත් වෙලා තියෙන්නෙ රත්නපුරේ කියලා..
ඔන්න දැන් අපි හිතන විදිය.. හිතලා බලන්න ඇත්තක් තියනවද කියලා..
අපි කවුරුත් දන්නවනේ ඔය මානවයගේ තොරතුරු පොලව මතුපිටින් ගන්න ලැබෙන්නෙ කලාතුරකින්. එයාලා ජිවත් උන කාලෙත් එක්ක එයාලගේ අතිතේ වැලලිලා ගිහින්. ඒ නිසාම වෙන්න ඇති එයාලා ගැන හොයන්න පොලව හාරගෙන යන්න වෙලා තියෙන්නෙ. අපි කවුරුත් දන්නවා ලංකාවේ වැඩිපුරම පොලව හාරන පැත්ත තමයි රත්නපුර. හේතුව මැණික්. එහෙම හාරගෙන යනකොට මොනව හරි වෙනස් දෙයක් ලැබුනාම අපේ අය ඒ ගැන හොයනවා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා එතන ප්‍රග් ඓතිහාසික මානවයා ජිවත් වෙලා තියනවා කියලා.
පොඩ්ඩකට හිතලා බලන්නකො එතකොට උබලටම තෙරෙයි.. මේ කතාව ඔය විදියට ලංකාව අතුලේ පොලව හාරගෙන බහින එකම තැන තමා රත්නපුර. ඒ නිසා අතීත මානවයා ගැන අද වෙනකොට ගොඩක්ම තොරතුරු ලැබිලා තියෙන්නෙත් එහෙන්.. ඉතින් එහෙනම් අපි කොහොමද කියන්නෙ ලංකාවේ වැඩිපුරම අතීත මානව ජනාවාස තිබුනෙ රත්නපුරේ කියලා. වෙන තැන් ගැන හොයනෙ නැතුව..
ඔන්න මගේ අදහස අපිට දැන් නියම කාලේ ඇවිත් මේ ගැන හොයන්න අපි හොයාගෙන යමු ඇත්තටම අපේ ඉතිහාසය මොන වගේද කියලා...

No comments:

Post a Comment