Tuesday, March 5, 2013

මාලිංගගෙ කතාවේ නොදන්නා පැත්ත.....

අපි මාලිංගට බනිනෙමු.....
අනේ මෙහෙමත් ගොන් යක්කු... මට හිතා ගන්න බෑ මේ රටට මොනවා වෙලාද කියලා... හැම එකාම කරන්නෙ පිස්සු නටන එක විතරයි මොකක්ද මේ වැඩේ තේරුම... අනේ මන්දා....උබලා හිතනවාද මම මේ බනින්නෙ මාලිංගට කියලා... අපෝ නෑ මම බනින්නෙ වැඩක් නැතුව බොරුව කෑ ගහන උන්ට....
උබලා හැමෝම කියනවා වගේ මාලිංග වැරදි ඇති... ඒත් උබලා මොනවද දන්නෙ.. මාධ්‍ය ආයතනය ප්‍රචාරය කරපු විඩියෝ කෑල්ලක් විතරයි... හැමදාම කෙනෙක් උබලගෙ පස්සෙන් ඇවිත් ඕන දේයි ඒපා දේයි අහ අහ කරදර කරනකොට උබලා ඕයිට වඩා හොද උත්තරයක් දේවිද.. උබලා හිතන්  ඉන්නෙ ලංකාවේ මාධ්‍ය සුපිරියි කියලද උන් දන්නෙ මිනිහෙක්ගෙ නොදැන ගන්න ඕන දේ ලෝකෙට පෙන්නලා මෝඩ චුන් ගන්න එක විතරයි... කෝ ඔය කයිවාරු ගහන මිනිස්සු රටේ අපරාධ ගැන කතාකරනවද.. නෑ උන් සල්ලි වලට විකිනිලා ඉවරයි...අපරාද ගැන හෙලි කරනවනම් කොහෙන්ද මුන්ට මේ දේවල් ගැන හොයන්න වෙලාවක්... බයිල කියනවා ඒවා අහනවා අපි අදිනවා හැමදාමත් ඔන්න ඔය දේ තමයි උනේ..
මම මේ හදන්නෙ මාලිංග සුදනා කරන්න නෙමෙයි....සල්ලි මත්තේ සෙල්ලම් කරන එක හරි කියලා මම කියන්නෙ නෑ... ඒත් පොඩ්ඩක් කල්පනා කරපල්ලා.. අද මේ මාලිංගට බනින මිනිස්සු ගාවට ගිහින් රට වෙනුවෙන් රුපියල් 1000ක් දෙන්න කිව්වොත් මොනවා කියයිද.. අනේ මන්දා මේවා මතක් වෙනකොට දුකේ බෑ අප්පා...එහෙව් එකේ උබලා කියනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන්නලු... ඕව් උ එහෙම සෙල්ලම් කරන්න ඕන.. ඒක උගේ යුතුකම...ඒත් ඌ ඒ දේ කරන්නෙ නෑ ... කරන්න ඕන ඌට බනින එකද.... නැත්නම් ඌට පැහැදිලි කරලා දෙන එකද මොන පිස්සුද පැහැදිලි කරන්න තියා හිතන්නවත් ඉඩක් නොතියා ජාති විරෝදියෙක් ගානට දාලා බැනගෙන බැනගෙන ගියාම තියන තරහා වැඩිවෙනවා කියලා උබලට තේරෙන්නෙ නැද්ද... මාලිංග කියන්නෙ මේ රටට වැඩක් කරපු කොල්ලෙක්...මේ රටම උගේ වචනෙකට ඒ හැම දෙයක්ම අමතක කරාම ඌ රට ගැන හිතලා වැඩ කරාවිද...
දැන් උබලාම හිතලා බනිනවද නැද්ද කියන එක තිරනය කරපන්.....

No comments:

Post a Comment