Sunday, February 17, 2013

නල්ල මලේ සමාජ වාදය....


නල්ල මලේ සමාජ වාදය....

                      මට දැන් වෙනකොට ඔය වචනෙ ඇහුවාම වමනෙටත් එනවා. ඒ ගානට අපිව වැට්‍ටුවෙ මේ රටේ ඉන්න සමාජවාදියෝ. නිකමට හිතලා බලන්න. කවදාවත් මේ රටේ සමජවාදේ කියන වචනෙ ඇත්තක් වෙන්නෙ නැත්තෙ ඇයි. දැන් වෙනකොට සමාජවාදෙ සමාජයට වදයක් උනෙ ඇයි. උබලා ඒ ගැන නිකමටවත් හිතුවද? නෑ එහෙම හිතුවනම් අද රටට මේ කල යන්නෙ නෑ.
                     මාක්ස් පන දීලා එංගල්ස් ජිවත් කරවලා මේ ලොකෙට සමාජවාදය ගෙනාවේ උබලට කාලා විනාස කරන්න නෙමේයි.රුසියාවෙදි කියුබාවෙදි.. ලොකේ තව ගොඩක් රටවල් වල ඇති උනා. වෙනසක් ලොකෙටම පෙන්නුවා. එත් තාම ලොකේ ඉන්නෙ එකතැනක නැවතිලා. උන් ඒ රට වලදි කරේ ඒ ඒ රටට ගැලපෙන දේ දැන් අනීත් රටවල ඉන්න මොඩයො කරන්නෙ උන් කරපු වැඩේ තමන්ගෙ රටෙත් කරන්න යන එක, නිකමට හිතලා බලපල්ලා. ඒ වැඩේ කරන්න පුලුවන්ද අපේ මිනිස්සුන්ට ඒක දැනෙනවද. නෑ කොහෙත්ම නෑ.. එහෙනම් කෙකර බබා ඉන්නෙ නැතුව දැන්වත් වැඩ පටන් ගනිල්ලා. හරි වැ‍රැද්ද මොකක්ද් කියලා බලලා.
                    මෙන්න මේ ටිකත් දැන ගනිව් අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ කරන්න වෙන දෙයක් නැති කමට සමාජවාදය කරන්න ගොන් යක්කු ටිකක්... උන් ටික තමයි රටේ මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් සමාජවාදය එපා කරන්නෙ... කන්න බොන්න දෙයක් නැති උනාම සමාජවාදය ඉල්ලා පාරට බැහැලා කෑ ගහනවා... බඩ කට පිරුන ගමන් හැමදේම අමතක කරලා දානවා.. අනේ මන්දා මෙහෙමත් යක්කු ටිකක්...
                    මම දකින විදියට සමාජවාදය කියන්නෙ මිනිහෙක්ගේ පපුවෙන්ම එන්න ඔන හැගීමක් අනික මම දකින සැබෑ සමාජවාදියා කියන්නෙ ධනපති පන්තියේ කෙලවරින් හැමදේම නැතිකර ගන්න බලාගෙන සමාජවාදයට එන මිනිහා...නැතුව හිගන්නෙක් වගේ බලන් ඉදලා කන්න බොන්න නැති උනාම විප්ලවයට එන එකා නෙමෙයි... ඒවගේ හිගන්නො විප්ලවයට එකතු වෙන නිසා තමයි හැමදාමත් අපේ විප්ලව පාවා දෙන්නෙ...

1 comment:

  1. සමජවාදීන් වෙන්න කලින් විප්ලවවාදීන් වෙන්න ඕන. විප්ලව වාදියෙක් වෙන්න නම් මූලිකවම ක්‍රම විරෝධියෙක් වෙන්න ඕන.
    මෙහේ ඉන්නෙ රතු කමිස ඇන්දට බෙල්ලෙ සුර එල්ල ගත්ත ගං කබරයෝ. දකින්න ඇතිනෙ චාවේස් සහෝදරයටත් නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණ හැටි.

    ReplyDelete