Saturday, December 22, 2012

දාහකින් එකෙක්-3

දාහකින් එකෙක්-3

Mayans ලගෙ සාස්තර අල්ලගෙන පිස්සු කෙළපු අපේ උන් දැක්කම හිතුනා මේවා ලියපු මනුස්සය අද හිටිය නම් කියලා.එහෙම නැත්නම් ඔය calender එකේ scene 1 එක මේ මනුස්සයා හිටපු කාලෙ ඇදුනෙ නැත්තේ ඇයි කියල?ඒ හින්දම දැණුනා මේ දාහකින් එකෙක් කියල.Abraham T.Kovoor.

සායි බාබා,මාතර ගුරුන්නාන්සේ විතරක් නෙමෙයි ඉන්දියාවෙ වගේම ලංකාවෙත් ඒ වෙනකොට ඉදපු හොඳම වැඩකාරයොයි කියාගනිපු උන් මේ මනුස්සයා දකිනකොට හැංගෙන්න ගත්ත.සෑම අවුරුද්දක් පාසාම update වෙන තෑගි මුදල අදටත් විවෘතයි.හැබැයිව් ඕක ගන්න තාම කිසිම වැඩ්ඩෙක්ට පුළුවන් වෙලා නැහැ.

විශ්වාසයෙන් විතරක් නෙමෙයි යමක් පිළිබඳව අවබෝධයෙන් බැලීම වැදගත් කියන එක ඔහු ප්‍රභලව අවබෝධ කරගෙන හිටියා.එදා වගේම අදත් ඔහු දාඅකින් එකෙන් වෙන්නේ ඒකයි.

"මෙහෙම ගියොත් නම් විනාසය අත ළඟයි"

ඒ ඔහුගෙ චින්තනය අදටත් අපට දෙන පණිවුඩයි.

Thursday, September 13, 2012

ආදරය....

                                                                       






ඉරා තිමිරයේ අඳුර දුර හැර උදා හිරු ලෙස නුඹ පිපේවා
සුපුල් සුවිපුල් වනස්පති හිස සොඳුරු සුවදැති මල් පිපේවා
ගලා යන රන් නදී ගඟුලෙන් ඉවුරු දෙකොපුල සිසිලවේවා
සඳා සුන්දර සරා සඳ ලෙස සදා නන්දව නුඹ  දිලේවා












Saturday, September 8, 2012

දාහකින් එකෙක් - 2


දාහකින් එකෙක්..  - 2


                                                         America වට Rambo කෙනෙක් හදන්න වුණෙත්,ඒ Rambo මුළු වියට්නාම් හමුදාවට දුවන්න ගහනව පුළුල් තිරවල දාල පෙන්නන්න ඕන වුනෙත් ඒ තියෙන පරාජිත මානසිකත්වය හින්දා.American කාරයගෙ හිතේ අදටත් තියෙනව අපි වියට්නාම් කාරයට පැරදුන නේද කියල.ඔය සම්පූර්ණ කථාන්දරයත් එක්කම හරි අපූරු පුංචි මිනිහෙක්ගෙ නමත් ඈදෙනවා.

HO-CHI-MINH ,

                             American army එකට ගහන්න ඕන විදිහ තිතටම හැදුවෙ මෙයා.එකයි අදටත් ඇමෙරිකන් කාරයො මෙ පට්ට මනුස්සයගෙ චරිතය විනාශ කරන්න හදන්නෙ.ඒ විතරක් නෙමෙයි,එ වියට්නාම් Army එකට  command කරෙත් මෙයාමයි.එකට කෘතගුණ සලකන්නම තමයි වියට්නමය මේ වීරයගෙ නමින් නගරයක් පවා නම් කරන්නෙ.ඔවුන් ඔහුට ආදරය කළා.ඔවුන්ගෙ විතරක් නෙමේයි අදටත් මුළු ලෝකෙම මිනිස්සුන්ගෙ හිත් වල ඔහු ජීවත් වෙනව.

                          ඔහු හරි ප්‍රභළව විශ්වාස කරා ලොකය යන ක්‍රමයෙ,system එකේ ලොකු වරද්දක් තියෙනව කියලා.එක වෙනස් කරන්න ඕන කියල.system error එක පැහැදිලිවම පෙනෙන ලංකාවට ඔහු ප්‍රභල ආදර්ශයක්.එක හින්දමයි ඔහු දාහකින් එකෙක් වෙන්නෙ.

                                                             "එන්න ලෝකය ගොඩනගන්න"

                                                                          ඒ ඔහුගෙ පණිවුඩයයි......

Thursday, September 6, 2012

කවියෙකුගෙ ආදරය...


සීමා මායිම් නැත අදරයට අප අතර...

ඉතින් අවසරයි..
අයෙමත් ආදරය කරන්නට නුඹට,
මං මුළා වු විටෙක සිතුවිලි අතර,
මැවෙන සිහින ලොව දෙනෙත් අභියස,
තනි වෙන්නට පුරුදු ලොවේ නුඹත් සමග,
ආදරෙයි මම නුඹට ලියවෙනතුරා නුඹ..

වාරු ඇතිතුරා මා සුරත,
පෙම් ලොව අපටමයි මා සොදුර
පිටු,කොළ,පොත්,
පැය,දින,සති..
ගෙවී ගියමුත් පුරුදු ලෙසටම,
අළුත් අප අදරය මොහොතින් මොහොත

දාහකින් එකෙක් - 1


දාහකින් එකෙක්..  - 1



                                       American town එකක පාදඩයන්ගෙන් පිරුණු street එකක් දිගේ පොඩි කොල්ලෙක් කෙල හොටු පෙරාගෙන දුවනව.ඒ මරන්න ගෙනියන ඌරු පැටියෙකුත්, උගෙ අම්මවත් මරන්න දෙන්න එපා කියල. එක මේ street එකේ ඉදපු පාදඩ American කාරයන්ට පට්ට අතල් එකක් උනා.උන්ගෙ හිනහා හඩට අර ළමයගෙ කදුල mix වුණා.එතනින් නිර්මාණ්ය වුණේ පට්ටම film director කෙනෙක්,එහෙම නැත්නම් පට්ට comedian කෙනෙක්.Charles Spencer Chaplin හැමෝම දන්න විදිහට Charlie Chaplin. Directors කොමඩියක් වෙච්ච කාලෙක ඔහුගෙ වටිනකම සෑහෙන්න දනෙනවා.

                                                         අර පුංචි කාලේ street එකෙන් දකපු විදපු mix එක එයගෙ film වල යොදනව.දුකත් එක්ක කදුල,මෙතුවක් කාලයකට film director කෙනෙක් හොයගනිපු පට්ටම mix එක.දුක අවසානයේ එන සතුටත්,සතුට අවසානයේ එන දුකත් හරි ප්‍රභලයි කියල එයා විශ්වාස කලා.ඔය mix එක එයගෙ හැම ෆිල්ම් එකකම වගෙ අඩු වැඩි වශයෙන් තිබුනා.එවටයි කොමඩි කියන්නෙ,නැතුව ගොංපාට් වලට නෙමෙයි.එකයි තාමත් ඔහු දාහකින් එකෙක් වෙන්නෙ.

"හිනහ යන කොමඩියක් එන තුරු "

අපි බලා සිටිමු.

Wednesday, September 5, 2012

                                                                             කවුළුව ගැන.....                                                    



දුකට ඉකි බිද හඩන නෙතු යුග
දොහොවනා උණු කදුල වෙන්නම්
කුරිරු සමයක තැවෙන හදවත
සනහනා මුදු වදන වෙන්නම්......