Monday, November 5, 2018

           ~ සුරිඳුනි ~

සුරිඳු මුයුරාසන වඩින ගංතොට
ගැහැණු පොදි බැද පැසුණු පළතුරු
එගොඩ නවතා ස්වාමි භක්තිය
වඳින දෙවිඳුට ගෑණු දෙක දෙක

මලින් පහණින් පුදා කිරිකොත
අත්හරින්නට දිවුරු කම්සැප
ළමැද තුරුළු කොට මහා වට්ටිය
පතයි සිහිනෙක දුටුව රජසැප

කඩෙන් සුරිඳුට දුන්න වට්ටිය
පෑළදොර හැර නැවත කඩයට
පෙරළි පෙරළී වඳින ඒ ළඳ
දෙස් තියන්නේ දෙවනි ගෑණිට

කාලි මෑණිගෙ රුදුරු දත් දෙක
වල්ලි අම්මා ළග වැටෙයි හනිකට
මොනර කුමරා නටන නැටුමට
මරා ගන්නා සෙබඩු හැම තැන

අහෝ දෙවියනි බලා හිඳ නුඹ
දසන් නොමසන් වැසියෝ මේ පුර
රැවටු රැවටිලි නුඹත් ඒ කල
හරිම සරලයි ඒත් පට්ටයි



Sunday, September 2, 2018

කව්ද?....

මං
                  ත           නි            ය           ට
ලියපු

සිංඳු

***   දැනුනෙත්     මට
         ඇහුවෙත්    මම
         වින්දෙත්     මම   ***

..."ආත්මාර්ථකාමී පරයා"...

Friday, August 31, 2018

පරක්කු සේකරට,

නි       හ       ඩ
නි......ස......ල
නි__ම්__න__ය__ක
                                         හුදෙකලාව
සොයන,
       අපුල        
     ------දිවි------.
හිමි%
වානරයා


Monday, January 5, 2015

ප්‍රේමාධික රාගය හෝ රාගාධික ප්‍රේමය

හැගීම් දැනීම් ඇත්තාවුන් වශයෙන් ඇතිවන  මානව අහිතකරවාදී සිතිවිල්ලක් ලෙස රාගය අර්තදක්වන්නාවූ යම් විද්වත් මානවයන් ආදරය, ප්‍රේමය මානව හිතවාදී සංකල්පනාවන් ලෙස දකී.

මානවයා රාගයේ ඵලයක් ලෙස ප්‍රේමය අර්ථදැක්වුබව යමෙක් අමතක කරයි නම්, එය කිතුල බාගෙන ගසට පහරන්නා සේ ක්‍රියාවකි. අදටත් මානව සන්තානය තුල අරගල කරන ප්‍රේමයේත්, රාගයේත් අසම්මත පෙම කාලයේ බලපෑමකින් තොරව අදටත් නොනැසී පවතී. බොදුණු දාර්ශනවාදියෙකු චේතනාව ඒ ප්‍රේමයේ හරය බව කියන්නට තැත් කිරීම නිශ්පල උත්සහයක් නොවේ. සීමානිතික පරාසයක නොමැති චේතනාවේ හෝ නිශ්චිතව වටහා ගත නොහැකි සිත පිළිබද දර්ශනයන්ගෙන් ප්‍රේමය හෝ රාගය නිශ්චය කළ නොහැක.

නමුත් රාගය යනු ප්‍රෙමයෙත් ස්වායත්ත වී, විටෙක වෙනම ගමනක් යන්නට යන බව අපි දනිමු. එය තුල ශිෂ්ඨසම්පන්න යැයි සැලකෙන සාමාජීය සත්වයාට ඔහු කොටු කර ඇති රාමුවෙන්  නිදහස් විය නොහැක. අතීතයෙන් ලැබුනා වූ මිහිරි ඉතිහාස කතාවන් ගෙන් පමණක් අපි කොටු වී ඇති රාමුව ගැන සිතීම පෙසෙකලා, ශිෂ්ඨත්වය රාගය හා නොපටලවාගෙන ප්‍රේමයෙත්,  රාහයෙත් අසම්මත පෙම දෙස බලා සිටිමු.



Sunday, January 4, 2015

වැල යන අතට

විමුක්‌ති ව්‍යාපාරයක් යනු මිනිසුන් කොටසක් විසින් සිදුකරන ලද මානව අහිථකරවාදී ක්‍රියාදාමයක් බව පිළිගන්නට බලා සිටින මිනිසුන් සමග ජීවත්වීම විමුක්තිකාමියෙකුට නම් රුදුරුය. මොහොතක සැපයට පමණක් තම ප්‍රජා අයිතීන්  පුද දෙන ඔවුන් ඒ කැපකිරීමට නිසි වටිනාකමක්ද නොසොයයි.

දේශපාලනය විහිළුවක් ලෙස සලකන තවත් පිරිසක් තමාද ඒ විහිළුවේ කොටස් කරුවෙකු බව අමතක කරයි. මා දේශපාලන සත්වයෙකු නොවේ යැයි පැවසීම විහිළුවක් බව අමතක තමාට නොතේරුනද අන් යට එය හුදෙක් විහිළුවක් බව නොදනී.






Tuesday, November 4, 2014

කියන් මට සබැදේ......

දෙඇඟිලි මත රුවාගත්
සිහිනයේ සැරිසරා,
සිසිල් මද පවනට
ගලා එන අඳුරට පෙම් බැද,
තාලයට ගලායන
ගීයක මිහිරිබව,
ගෙනෙයි ජීවිතයට සිසිල් බවේ සැහැල්ලුව.....

මිතුරු කැළ මැද අතරමංවී
ජීවිතේ සොඳුරු සමයේ,
ගෙවී යන කාළයට වෛර කර
සිනහසෙයි අපි අදරෙන්,

ජාතියක් වෛරකල සරසවිය සෙවනේ
සොයා යන ජීවිතේ.....,
කටුකබව කොයිබටද
කියන් මට සබැදේ......,
නුඹේ සිනහව, නුඹේ සෙනෙහස
හැරගියත් කෙදිනක,
මෙයයි නුඹ මට කියාදුන්
සෙනෙහසක අරුමය..............

Tuesday, March 4, 2014

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි
ඉගිලෙන්නට පියාපත් සෙව්වා
අපිටම තැනු ලොවක් සොයා හිස් ලූ අත දිව්වා 
කටුක වියලි සුළගේ දැවටෙමින් අපි,
කාන්සියට ගී ලියුවා
අපේ ලියු ගී දැණුනේ අපට පමණයි...