Monday, April 29, 2013

ඇය යන්න ගියා මැකිලා


ඇය යන්න ගියා මැකිලා
වන සිරසට තුරු සෙවනැලි අතරේ

ගී ගයමින් හිඳ මා තුරුලෙ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුලක් මල් පෙති අග රඳවා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරෙ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවු හදකින්
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහකිය කිසිදින
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා

ගායනය :- අමරසිරි පීරිස්

සිනහවම කඳුලක්ය



සිනහවම කඳුලක්ය
ඇරඹෙනා තැන පටන්ම
සිනහවේ සෙවනැලි අකා මකනට
ඈත සිට අත වනනු පෙනේ
කඳුල නුඹ.......
හැරයන්නට,
වෙන්වන්නට,
වෙනත් දෙනුවනකට ආදරය කරනට,
නොහැකිදෝ නුඹට....
එහෙනම් කියාදීපන් මට ආදරය කරන්නට
සිනහවට...
නුබේ පෙමටම...

Wednesday, April 17, 2013















ආදරණීය චේ,
ආදරණීය නොවන ලොවකට ආදරය කියා දෙන්නට 
නුඹ ඒ ගැයු ගීය ලියා ගන්නට
එදා නොසිටි වරදට
ගෙවෙන මේ දඩුවමට
කියා දෙන්න විසදුමක් අපට
නුඹේ ඒ උණු ලේ කථාව දැනගන්නට
අළුතෙන් පිපෙන පුංචි රතු මල් පොකුරු වලට
ආදරය කියා දෙන්න?