Tuesday, November 4, 2014

කියන් මට සබැදේ......

දෙඇඟිලි මත රුවාගත්
සිහිනයේ සැරිසරා,
සිසිල් මද පවනට
ගලා එන අඳුරට පෙම් බැද,
තාලයට ගලායන
ගීයක මිහිරිබව,
ගෙනෙයි ජීවිතයට සිසිල් බවේ සැහැල්ලුව.....

මිතුරු කැළ මැද අතරමංවී
ජීවිතේ සොඳුරු සමයේ,
ගෙවී යන කාළයට වෛර කර
සිනහසෙයි අපි අදරෙන්,

ජාතියක් වෛරකල සරසවිය සෙවනේ
සොයා යන ජීවිතේ.....,
කටුකබව කොයිබටද
කියන් මට සබැදේ......,
නුඹේ සිනහව, නුඹේ සෙනෙහස
හැරගියත් කෙදිනක,
මෙයයි නුඹ මට කියාදුන්
සෙනෙහසක අරුමය..............

Tuesday, March 4, 2014

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි
ඉගිලෙන්නට පියාපත් සෙව්වා
අපිටම තැනු ලොවක් සොයා හිස් ලූ අත දිව්වා 
කටුක වියලි සුළගේ දැවටෙමින් අපි,
කාන්සියට ගී ලියුවා
අපේ ලියු ගී දැණුනේ අපට පමණයි...