Thursday, February 21, 2013

ඇත්තටම මේ මොකක්ද

මේ දවස්වල රටේ ලිංගික අපරාධ වැඩි වෙලාලු....
හැමෝම වගේ මේ ගැන කතා කරා
දැන් ඒක අමතක කරලා දාලා
අයෙත් සිද්ධියක් උන ගමන් කතා කරාවි
නීතී තද කරන්න කියාවි......
අමතක කරලා දාවි
කාටත් මේ දවස් වල මේ මාතෘකාව ගැන මතකයක් නැති නිසා වෙනස් විදියෙ අදහසක් දෙන්න මම හිතුවා..
හැමදාම කියන්නෙ නිතී තද කරාම මේක අඩුවෙනවා කියලා එහෙම කියලා නිතී කොයි තරමටනම් තද කරාද ඒත් කෝ අඩු උනාද නෑ නේ....
උබලා මගේ අදහස කොයි විදියට පිලිගනිද දන්නෙ නෑ කොහොම පිලිගත්තත් මේ මගේ හිතට එන දේ.... එහෙනම් කිවලාම බලපන්කෝ....
නිකමට හිතපන් අපි හැමදාම වගේ හොයන්නෙ අලුත් දේවල්... වෙනස් දේවල් ඒ මිනිස් වර්ගයාගේ හැටි.... මතක් කරලා බලපන් පුන්චි කාලේ මොන තරම් අපිට පිහියට අත කැපෙනවා අල්ලන්න එපා කිව්වත් අපි හැමදාම ඒක අල්ලනවා අත කපා ගන්නකම්ම අල්ලනවා... කැපුනට පස්සෙ තේරෙනවා කිව්ව කතව ඇත්ත කියලා... ඒදා ඉදලා අපි පිහියට බය වෙනවා පරිස්සමෙන වැඩ කරනවා. උබලට හිතෙන්නෙ නැද්ද ලිංගික ජිවිතයත් මේ වගේ කියලා
                                                              මම හොදටම දන්න දේ තමයි මේ දැන් වෙනකොට ඖරුදු 14 15 විතර පොඩි උන් තමා වැඩිපුරම ලිංගික අත්දැකීම් වලට යොමු වෙන්නෙ පොඩ්ඩකට හිතුවද එහෙම වෙන්නෙ ඇයි කියලා එහෙම හිතුවනම් මෙහෙම වෙනවද නෑ එහෙම හිතුවනම් මේ වගේ වැඩ වෙන එක නවත්තන එක මහ දෙයක් නෙමෙයි...නිකමට හිතලා බලපන්කෝ අපි හැමොටම පුංචි කාලයක් තිබුනා.. ඒ කාලෙදී කොහෙන් හරි වැල පත්තරයක් ලැබුනොත් අපි ඒක මැරීගෙන කියෙව්වා.. ඒ ඇයි අපිට ලිංගිකත්වය ගැන දැනුමක් නොතිබුන නිසා.. අපි දැන ගෙන හිටියා අපි කරන වැඩේ වැරදියි කියලා ඒත් අපි ඒක කරා,,,,, නිකමට හිතපන් වැල පත්තර කියවලා ඒ අත්දැකීම ගන්න අපි ආස කරා ඒ දේවල් මොන වගේද කියලා අපි හැම වෙලේම හිතන්න ගත්තා.. 
එහෙම නොවෙන්න තිබ්බා වැල පත්තරේකින් හරි වෙන විදියකින් හරි අපි දැන ගන්න කලින් අපිට ලිංගිකත්වය ගැන අවබෝධයක් ලැබිලා තිබුනම්....අපිට ඔය දේවල් දැනෙන කාලෙදිම කවුරුහරි කෙනෙක් පුතේ ලිංගික ජීවිතය කියන්නෙ මේ වගේ දේකට මේකේ අන්තිම ප්‍රතිපලය මේකයි කියලා කියලා දුන්නම් අපි මීට වඩා වෙනස් විදියකට මේ ගැන හිතන්න තිබුනා අවාසනාවට එහෙම කියලා දෙන්න තරම් කෙනෙක් අපිට හිටියෙනෑ අපි මේ දේවල් ඉගන ගත්තේ කරලම බලලා...
නිකමට හිතපන් පොඩි වයසක ඉන්න එකෙක් මේ දේ කරලා බලලා ඉගන ගන්න යන වෙලාවක ඕනම කෙනෙක්ට ලේසියෙන් ගොදුරක් වෙන්න පුලුවන්... එහෙනම් දැන් කරන්න ඕන දේ උබලට තේරෙනවද මේ රටේ වෙන්න ඔන එකම දෙයයි... ඒ නියම වයස ආවම පුංචි උන්ට ලිංගික ජිවිතය ගැන පුර්ණ් අවබෝදයක් දෙන්න ඕන... දැන් වෙනකොට සෞක්ය පොතේ දෙනවා වගේ පුංචි චුන් එකක් නම් නෙමෙයි එහෙම දුන්නාම වෙන්නෙ මේක තවත් වැඩි වෙන එක... තව තවත් වැඩියෙන් හොයන්න යන එක.... මමනම් හිතන්නෙ ලිංගිකත්වය කියන විශය වෙනම උගන්නන එක තමා හොදම දේ....
ඒත් මේ රටේදි ඒක කෙරෙනකම් බලන් ඉන්න එක නිකම් හීනයක් වගේ මටනම් ඒ නිසා මම මට කියලා තිරණ්යක් ගත්තා ඒ තමයී මගේ කියලා පොඩි එකෙක් ඉන්න දවසට මම ඌට මේ හැම දේම නියම විදියට නියම වසසෙදි තේරුම් කරලා දෙනවා අයේ කාටවත්ම අමුතුවෙන් උගන්නන්න දෙයක් නැති වෙන විදියට එතකොට ඌ වත් හරි පාරක යාවි... මේ මගේ මතය... කියවලා අදහසක් දාලම පලයල්ලා...

4 comments:

  1. aniwa katawa meda hariya kiyawagena yaddi matath hithune oya tikama thama

    ReplyDelete
  2. ඔන්න මචෝ සතු‍ටුයි උබ ගැන හදවතින්ම ... එක උබේ අදහස දාලා ගියාට දෙක වෙනස් විදියට හිතන මිනිහෙක් නිසාම

    ReplyDelete
  3. ඇත්ත කතාව.....
    කුණුහර්ප කියල හංගන්න හැදුවට ලෝකයට මේ දේවල් ස්වාභාවිකයි!!!!

    ReplyDelete
  4. ස්වාභාවිකයි කියලා මේ මිනිස්සු දන්නෙ නැති එක තමයි වරද

    ReplyDelete