Sunday, February 24, 2013

මගේ Style එක සමාජවාදය...

Style එක, ඕකෙන් මිනිස්සු බලපොරොත්තු වෙන්න තමන්ට ඕන විදිහට නොවෙන දෙයක් ඕක තමා මටත් ඕන වුණු දේ කියල පෙන්නන්න.එහෙම නැතුව තමන්ට ගැලපෙන විදිහට මේ ලොකේ හදාගන්න try කරේ ටික දෙනෙක් විතරයි.එක්කො ඒ මිනිස්සු වීරයො වෙලා,එහෙම නැත්නම් කාටවත් මතකයක්වත්  ඉතුරු නොකර යන්න ගිහිල්ලා.හැබැයි වැල යන අතට මැස්ස ගහපු අය අදටත් ජීවත් වෙනව එත් උන්නත් මළා වගේ.                         
ඕකට ප්‍රභලම උදාහරණය ලංකාව තුළම හෙව්වොත්.අපි යමු 71ට 89ට.පිළිගන්න ඔය කාලෙ  trend එක එහෙම නැත්නම් Style එක සමාජවාදය.ඒ Style එකට ඒ Trend එකට ඕන විදිහට හැම දේම නිර්මණය උනා.කාල් ගැන,ලෙනින් ගැන පොත් ලියවුනෙ එදා.ඇයි අද අපට ඒවා එපාද?නෑ එහෙම නෙමෙයි අද ඒක Trend එක නෙමෙයි.නන්දා මාලනීගෙ පවන අදට වලංගු නැද්ද?සුනිල් අරියරත්නයන්ට අද එහෙම පද ලියවෙන්න නැද්ද?නෑ එහෙම නෙමෙයි.අද ඕක Style එක නෙමෙයි.
හරි මෙහෙම හිතන්න එදාට වඩා අද සමාජවාදයේ වුවමනාව,අවශ්‍යතවය වැඩි නැද්ද?එහෙනම් ඇයි එදා එකට තිබ්බ value එක අද නැත්තෙ.මොකද සමාජවාදය අද Trend එක නෙමෙයි,ඒක Style එකත් නෙමෙයි.

3 comments:

  1. අවශ්‍යතාවය වැඩියි, ඒත් කාටවත් ඕන බවක් පේන්න නෑ, ඒකත් එකවිදියකට වාසගම වගේ තමා, ඒ නම විකුනගෙන කෑව එක තමයි ගොඩක් අය කලේ.
    ඒත් මිනිස්සුන්ට මීට වඩා ගොඩක් ලස්සන විදියට ජීවත් වෙන්න පුළුවන්.
    ඒක කීප දෙනෙක්ගෙ හීනයකට විතරක් සීමා නොවී ලෝකය පුරාම පැතිරෙනව නම් අපිට මිනිස්සු විදියට තවත් දුර ගමන්ක් යන්න පුළුවන්.

    ReplyDelete
  2. අනිවා මචෝ සුපිරි අදහස

    ReplyDelete
  3. ඇත්ත කතාව! දැන් නම් trend එකට හරි ප්‍රසිද්ධියෙ කරන උන් අඩුයි.

    ReplyDelete