පිස්සන් කොටුව( මානසික රෝහල )
චින්තනයෙන් ඔබ්බට චින්තනය.....
අපි හැමෝම හිතන විදිය ටිකක් වෙනස් කරලා බලමුද..
ඒදාට වඩා අද වෙද්දි දර්ශනිකයන් අඩු වෙන්නෙ ඇයි.....
ඔන්න ඕක තමයි මගේ ප්‍රශ්නය.......
මම දන්න දෙතුන් දෙනෙක්ගෙන්ම මම මේ ප්‍රශ්නෙට උත්තර ඇහුවා.... ඒ හැමෝම වගේ දෙන්නෙ එකම එක වගේ උත්තර... ඒ නිසාම වෙන්න ඇති මට මේ වගේ එකක් ලියන්න හිතෙන්න අත්තේ.....
(හැම කෙනාම වගේ හිතන්නෙ අද වෙනකොට එදා තරම් හොයා ගන්න අලුත් දේවල් නැතුව ඇති කියලා)
ඒත් හිතලා හිතලා මම හොයා ගත්තේ ඊට ගොඩක් වෙනස් උත්තරයක් මෙන්න මගේ උත්තරේ.....
පිස්සන් කොටුව( මානසික රෝහල )
මම දන්නවා වීරයා වගේ කිව්ව පලියට දෙයක් ඇත්ත වෙන්නෙ නැ ඒ දේ ඕප්පු කරන්න පුලුවන් වෙන්නත් ඕන.... එහෙනම් ඉතින් කියවාගෙන යන්න අවසරයි...
මම පොඩ්ඩක් යනවා අතීතය පැත්තට. ඒ කාලේ ඉදියෙත් අද කාලෙ ඉන්නවා වගේම මිනිස්සු ටිකක්... ඒ මිනිස්සුත් හිතන් ඉදියෙ අද වගේම උන්ගෙ ලොකේ දියුනුයි කියලා. තවත් හොයා ගන්න තරම් දේවල් මේ ලොකේ නෑ කියලා.. යකෝ එහෙම අද වගේම ගොඩක් අය ඒ කාලෙත් හිතන්න ඇති... එහෙනම් අලුත් දේවල් උන් හොයා ගත්තෙ කොහොමද.... ??? දීපියකො දැන් උත්තර...
ඔන්න දැන් වරෙන් රෙද්ද උස්සගෙන මට බනින්න... මම දන්නවා.. උබලා කියන දේ ඒ කාලෙ ඉන්න හැම මිනිහම ඒ විඩියට හිතුවෙ නෑ ඒකනෙ උබලා දෙන උත්තරේ... ඔව් ඒක ඇත්ත... එහෙම නොහිතපු අය හිටියා.. උන් මහන්සිවෙලා ලෝකෙනම බැනුම් අහගෙන අලුත් දේවල් හෙව්වා... සමහරු උන්ව ලැජ්ජා කරා ඒ හැම දේම විදගෙන උන් අලුත් දේවල් ගැන හිතුවා.. අන්තිමට උන් අලුත් දේවල් හොයා ගත්තා.. ඊලගට හැම කෙනෙක්ම ඒ මිනිහට ආදරේ කරා...
ඕන්න දැන්තමා මගේ කතාවෙ හොදම හරිය... අද වෙනකොටත් මිනිස්සු හිතන්නේ ඒ විදියටම තමා... තව කොහෙද අලුත් දේවල්... හැම දේම මුන් හොයාගෙන ඉවරයිනෙ.... නෑ එහෙම නොහිතන උන් අදත් ඉන්නවා... අලුත් විදියට හිතන උන් අදත් ඉන්නවා.. උන් දැනුත් අලුත් දේවල් ගැන හිතනවා.. ඒ කාලේ වගේම අදත් උන් දිහා බල්ලා මිනිස්සු හිනා වෙනවා... උන්ට ලැජ්ජ කරනවා... ඉස්සරම් මේ හැම දේම කරලා හරි වෙන දෙයක් වෙන්න කියලා ඌව අත ඇරලා දානවා... ඒත් දැන කරුමෙට වෙන්නෙ එහෙම නෙමෙයි... ලැජ්ජ කරලා බැරිම උනොත් පිස්සා කිය කිය බනින්න පටන් ගන්නව... ඒ බැනලත් හරි නොගියොත් පිස්සන් කොටුවකට දානවා... අන්තිමේදී පිස්සන් කොටුවෙන් උගේ මනස පාලනය කරන්න බෙහෙත් දෙනවා... බෙහෙත් පොවලා පොවලා.. ඌව පිස්සෙක් කරලා ගෙවල් වලට එවනවා... විප්ලවීය චින්තකයා අද වෙනකොට මරලා දාන්නෙ ඔන්න ඔය විදිය...
ඒ නිසාමද මන්දා දැන් වෙනකොට වෙනස් විදියෙ දෙයක් දැනුනොත් මිනිස්සු ඒක කියන්න පුදුම විදියට බය වෙනවා....මිනිස්සු සමාජේ ඉස්සරහා තමඟෙ තත්වෙ රැක ගන්න අනිත් මිනිහා කරන දේම කරනවා මිසක් වෙනසක් කරන හිතන්නෙ නෑ ඒ නිසාවත් අත ඇරලා දාපල්ලා උබලගෙ ඔය මාන්නේ... අපි හැමොම ඉපදින්නෙ මැරෙන්න මැරෙන්න කලින් උබටම කියලා හිතෙන අලුත් දෙයක් ඉතුරු කරල....
එහෙනම් පිස්සෙක් වගේ හිතන්න පිස්සො හැමොටම ආරාදනා.....
පිස්සන් කොටු නැති හෙටක් අපිට ඌදා වේව... ( අපි හැමෝම පිස්සො වගේ හිතනවනම් ඕන වෙන්නෙ නෑනේ... කොහොමද මගෙ ටිකිරි මොලේ???)