Monday, November 5, 2018

           ~ සුරිඳුනි ~

සුරිඳු මුයුරාසන වඩින ගංතොට
ගැහැණු පොදි බැද පැසුණු පළතුරු
එගොඩ නවතා ස්වාමි භක්තිය
වඳින දෙවිඳුට ගෑණු දෙක දෙක

මලින් පහණින් පුදා කිරිකොත
අත්හරින්නට දිවුරු කම්සැප
ළමැද තුරුළු කොට මහා වට්ටිය
පතයි සිහිනෙක දුටුව රජසැප

කඩෙන් සුරිඳුට දුන්න වට්ටිය
පෑළදොර හැර නැවත කඩයට
පෙරළි පෙරළී වඳින ඒ ළඳ
දෙස් තියන්නේ දෙවනි ගෑණිට

කාලි මෑණිගෙ රුදුරු දත් දෙක
වල්ලි අම්මා ළග වැටෙයි හනිකට
මොනර කුමරා නටන නැටුමට
මරා ගන්නා සෙබඩු හැම තැන

අහෝ දෙවියනි බලා හිඳ නුඹ
දසන් නොමසන් වැසියෝ මේ පුර
රැවටු රැවටිලි නුඹත් ඒ කල
හරිම සරලයි ඒත් පට්ටයි



No comments:

Post a Comment