මං
ත නි ය ට
ලියපු
සිංඳු
*** දැනුනෙත් මට
ඇහුවෙත් මම
වින්දෙත් මම ***
..."ආත්මාර්ථකාමී පරයා"...
හැමදාම දකින දේට වඩා හොරෙන් බලන දේට ආස නිසාම... එබෙන්න අපේ කවුළුවෙන් ... බලන්න ලෝකෙටම හොරා ලෝකයම....
Sunday, September 2, 2018
Friday, August 31, 2018
Monday, January 5, 2015
ප්රේමාධික රාගය හෝ රාගාධික ප්‍රේමය
හැගීම් දැනීම් ඇත්තාවුන් වශයෙන් ඇතිවන මානව අහිතකරවාදී සිතිවිල්ලක් ලෙස රාගය අර්තදක්වන්නාවූ යම් විද්වත් මානවයන් ආදරය, ප්‍රේමය මානව හිතවාදී සංකල්පනාවන් ලෙස දකී.
මානවයා රාගයේ ඵලයක් ලෙස ප්‍රේමය අර්ථදැක්වුබව යමෙක් අමතක කරයි නම්, එය කිතුල බාගෙන ගසට පහරන්නා සේ ක්‍රියාවකි. අදටත් මානව සන්තානය තුල අරගල කරන ප්‍රේමයේත්, රාගයේත් අසම්මත පෙම කාලයේ බලපෑමකින් තොරව අදටත් නොනැසී පවතී. බොදුණු දාර්ශනවාදියෙකු චේතනාව ඒ ප්‍රේමයේ හරය බව කියන්නට තැත් කිරීම නිශ්පල උත්සහයක් නොවේ. සීමානිතික පරාසයක නොමැති චේතනාවේ හෝ නිශ්චිතව වටහා ගත නොහැකි සිත පිළිබද දර්ශනයන්ගෙන් ප්‍රේමය හෝ රාගය නිශ්චය කළ නොහැක.
නමුත් රාගය යනු ප්රෙමයෙත් ස්වායත්ත වී, විටෙක වෙනම ගමනක් යන්නට යන බව අපි දනිමු. එය තුල ශිෂ්ඨසම්පන්න යැයි සැලකෙන සාමාජීය සත්වයාට ඔහු කොටු කර ඇති රාමුවෙන් නිදහස් විය නොහැක. අතීතයෙන් ලැබුනා වූ මිහිරි ඉතිහාස කතාවන් ගෙන් පමණක් අපි කොටු වී ඇති රාමුව ගැන සිතීම පෙසෙකලා, ශිෂ්ඨත්වය රාගය හා නොපටලවාගෙන ප්‍රේමයෙත්, රාහයෙත් අසම්මත පෙම දෙස බලා සිටිමු.

Sunday, January 4, 2015
වැල යන අතට
විමුක්ති ව්‍යාපාරයක් යනු මිනිසුන් කොටසක් විසින් සිදුකරන ලද මානව අහිථකරවාදී ක්‍රියාදාමයක් බව පිළිගන්නට බලා සිටින මිනිසුන් සමග ජීවත්වීම විමුක්තිකාමියෙකුට නම් රුදුරුය. මොහොතක සැපයට පමණක් තම ප්‍රජා අයිතීන් පුද දෙන ඔවුන් ඒ කැපකිරීමට නිසි වටිනාකමක්ද නොසොයයි.
දේශපාලනය විහිළුවක් ලෙස සලකන තවත් පිරිසක් තමාද ඒ විහිළුවේ කොටස් කරුවෙකු බව අමතක කරයි. මා දේශපාලන සත්වයෙකු නොවේ යැයි පැවසීම විහිළුවක් බව අමතක තමාට නොතේරුනද අන් යට එය හුදෙක් විහිළුවක් බව නොදනී.
දේශපාලනය විහිළුවක් ලෙස සලකන තවත් පිරිසක් තමාද ඒ විහිළුවේ කොටස් කරුවෙකු බව අමතක කරයි. මා දේශපාලන සත්වයෙකු නොවේ යැයි පැවසීම විහිළුවක් බව අමතක තමාට නොතේරුනද අන් යට එය හුදෙක් විහිළුවක් බව නොදනී.
Tuesday, November 4, 2014
කියන් මට සබැදේ......
දෙඇඟිලි මත රුවාගත්සිහිනයේ සැරිසරා,
සිසිල් මද පවනට
ගලා එන අඳුරට පෙම් බැද,
තාලයට ගලායන
ගීයක මිහිරිබව,
ගෙනෙයි ජීවිතයට සිසිල් බවේ සැහැල්ලුව.....
මිතුරු කැළ මැද අතරමංවී
ගෙවී යන කාළයට වෛර කර
සිනහසෙයි අපි අදරෙන්,
ජාතියක් වෛරකල සරසවිය සෙවනේ
සොයා යන ජීවිතේ.....,
කටුකබව කොයිබටද
කියන් මට සබැදේ......,
නුඹේ සිනහව, නුඹේ සෙනෙහස
හැරගියත් කෙදිනක,
මෙයයි නුඹ මට කියාදුන්
සෙනෙහසක අරුමය..............
Tuesday, March 4, 2014
දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි
දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි
ඉගිලෙන්නට පියාපත් සෙව්වා
අපිටම තැනු ලොවක් සොයා හිස් ලූ අත දිව්වා
කටුක වියලි සුළගේ දැවටෙමින් අපි,
කාන්සියට ගී ලියුවා
අපේ ලියු ගී දැණුනේ අපට පමණයි...
ඉගිලෙන්නට පියාපත් සෙව්වා
අපිටම තැනු ලොවක් සොයා හිස් ලූ අත දිව්වා
කටුක වියලි සුළගේ දැවටෙමින් අපි,
කාන්සියට ගී ලියුවා
අපේ ලියු ගී දැණුනේ අපට පමණයි...
Thursday, August 15, 2013
සොඳුරු වී ඇත ජීවිතේ
නොපෙනෙනා බව මිලින ඉර සඳනිසිතෙනා තරමට
වේදනා බව, නොලැබෙනා දෙය
නොදැනෙනා තරමට
සොඳුරු වී ඇත ජීවිතේ
අඳුරු වී හැඩයි මා හිතේ
මට පෙනෙන් නෑ පීදෙනා තුරු
හදක සෙනෙහේ
උදා වනතුරු මිලින හිරු සඳු
මට පෙනෙන්නේ නෑ
සිතාගන්නට කියාගන්නට ලියාගන්නට
නොහැකි වදනක්
තෙරපිලා මා සිත වියැකිලා යන්නට
සොයන්නෙත් නෑ
Subscribe to:
Posts (Atom)