Monday, January 5, 2015

ප්‍රේමාධික රාගය හෝ රාගාධික ප්‍රේමය

හැගීම් දැනීම් ඇත්තාවුන් වශයෙන් ඇතිවන  මානව අහිතකරවාදී සිතිවිල්ලක් ලෙස රාගය අර්තදක්වන්නාවූ යම් විද්වත් මානවයන් ආදරය, ප්‍රේමය මානව හිතවාදී සංකල්පනාවන් ලෙස දකී.

මානවයා රාගයේ ඵලයක් ලෙස ප්‍රේමය අර්ථදැක්වුබව යමෙක් අමතක කරයි නම්, එය කිතුල බාගෙන ගසට පහරන්නා සේ ක්‍රියාවකි. අදටත් මානව සන්තානය තුල අරගල කරන ප්‍රේමයේත්, රාගයේත් අසම්මත පෙම කාලයේ බලපෑමකින් තොරව අදටත් නොනැසී පවතී. බොදුණු දාර්ශනවාදියෙකු චේතනාව ඒ ප්‍රේමයේ හරය බව කියන්නට තැත් කිරීම නිශ්පල උත්සහයක් නොවේ. සීමානිතික පරාසයක නොමැති චේතනාවේ හෝ නිශ්චිතව වටහා ගත නොහැකි සිත පිළිබද දර්ශනයන්ගෙන් ප්‍රේමය හෝ රාගය නිශ්චය කළ නොහැක.

නමුත් රාගය යනු ප්‍රෙමයෙත් ස්වායත්ත වී, විටෙක වෙනම ගමනක් යන්නට යන බව අපි දනිමු. එය තුල ශිෂ්ඨසම්පන්න යැයි සැලකෙන සාමාජීය සත්වයාට ඔහු කොටු කර ඇති රාමුවෙන්  නිදහස් විය නොහැක. අතීතයෙන් ලැබුනා වූ මිහිරි ඉතිහාස කතාවන් ගෙන් පමණක් අපි කොටු වී ඇති රාමුව ගැන සිතීම පෙසෙකලා, ශිෂ්ඨත්වය රාගය හා නොපටලවාගෙන ප්‍රේමයෙත්,  රාහයෙත් අසම්මත පෙම දෙස බලා සිටිමු.



No comments:

Post a Comment