Tuesday, November 4, 2014

කියන් මට සබැදේ......

දෙඇඟිලි මත රුවාගත්
සිහිනයේ සැරිසරා,
සිසිල් මද පවනට
ගලා එන අඳුරට පෙම් බැද,
තාලයට ගලායන
ගීයක මිහිරිබව,
ගෙනෙයි ජීවිතයට සිසිල් බවේ සැහැල්ලුව.....

මිතුරු කැළ මැද අතරමංවී
ජීවිතේ සොඳුරු සමයේ,
ගෙවී යන කාළයට වෛර කර
සිනහසෙයි අපි අදරෙන්,

ජාතියක් වෛරකල සරසවිය සෙවනේ
සොයා යන ජීවිතේ.....,
කටුකබව කොයිබටද
කියන් මට සබැදේ......,
නුඹේ සිනහව, නුඹේ සෙනෙහස
හැරගියත් කෙදිනක,
මෙයයි නුඹ මට කියාදුන්
සෙනෙහසක අරුමය..............

Tuesday, March 4, 2014

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි
ඉගිලෙන්නට පියාපත් සෙව්වා
අපිටම තැනු ලොවක් සොයා හිස් ලූ අත දිව්වා 
කටුක වියලි සුළගේ දැවටෙමින් අපි,
කාන්සියට ගී ලියුවා
අපේ ලියු ගී දැණුනේ අපට පමණයි...

Thursday, August 15, 2013

සොඳුරු වී ඇත ජීවිතේ

නොපෙනෙනා බව මිලින ඉර සඳ
නිසිතෙනා තරමට
වේදනා බව, නොලැබෙනා දෙය
නොදැනෙනා තරමට

සොඳුරු වී ඇත ජීවිතේ
අඳුරු වී හැඩයි මා හිතේ

මට පෙනෙන් නෑ පීදෙනා තුරු
හදක සෙනෙහේ
උදා වනතුරු මිලින හිරු සඳු
මට පෙනෙන්නේ නෑ

සිතාගන්නට කියාගන්නට ලියාගන්නට
නොහැකි වදනක්
තෙරපිලා මා සිත වියැකිලා යන්නට
සොයන්නෙත් නෑ

Monday, August 12, 2013

සුවඳයි සබැදේ නුඹ ගැයූ ගී

සුවඳයි සබැදේ නුඹ ගැයූ ගී
පුසුඹ ගෙන දෙයි එය ආදරේ
උදා හිරුවත්,සොඳුරු සඳවත්
උරුම නැති මා ජීවිතේ
සුවඳ කල මැන නුඹ සිනහවෙන්

අතීතය නම් පිපුණු මලකැයි
සිතා සිතනෙමි මේ වෙලේ
අනාගතයේ අඳුරු මාවත් වල
මරු වැලක් අසලද ජීවිතේ

සුවඳ නම් නැහැ උරුම නම් නැහැ දැන්
උරුම කර සිටි සුවඳ විඳ තිබු ආදරේ
සොයා දෙන්නට කෙනෙකු නැතිනම්
කෙලෙස සොයමිද සුවඳ විඳිමිද ආදරේ

Wednesday, May 8, 2013

School Bus එක-2


"පල වල් බල්ල යන්න,තොට මම.........."
"හරි හරි බන් ශේප් ශේප්....කෝ ඉතින් කියහන්කො අරක ආවද?"
විහඟ,ගවිඳු සමග නිතර shape න්‍යය අනුගමනය කලේය.
"මොරකද?තොගේ බෝම්බේද?අර ඉන්නේ"ගවිඳු කීය.
"කවුද යකෝ බෝම්බේ?"
"බොම්බේ නෙමෙයි කෝම්බේ,බලපිය හැටි"
"පල යන්න,තොගේ හොටු බැල්ලිට වඩා හොදයි"
"ඔව් ඉතින් මම නෑ කිව්වද?"
"ඒක නෙමෙයි බන්,ඇත්තටම උඹ මොකද අර හොටු බැල්ලි form කරන්නේ?"

"ඒක මගෙ sweet toilet එකනෙ බන්"
"නොදකින්"

"ඒ......යි...,මෝඩ ජෝඩුව බස් එක එනවා පැණි හැලුවා ඇති වරෙ.......න්"
ඒ මීහරකාගේ කටහඩය.මහීශ්,නමේ අර්ථාන්විත බව මැනවින් පෙන්නුම් කරන ඔහුට මී යන විශේෂණ පදය පාසලෙන් වැටුනකි.
ගිනි තබා විනාශ කලයුතු තත්වයේ රථයකිනුත් උපරිම පලප්‍රයෝජන ගන්නට සැදී පැහැදී සිටින ටකරං බස් සමාගම කිසිවිටෙක වාර ප්‍රවේශ පත් හෝ ටිකට් නොගෙන ගමන් කරන පිරිස වැඩි පාසල් සේවාවට මෙවන් හෝ බසයක් එවීම ගැන අපි සතුටු වීමු.

"ඕයි...තෝ නගින්නෙ නැද්ද?"
විහඟයාගේ කෑමොරයෙන් මමද බස් රථයන ගොඩ වූවෙමි.

"ඒයි ගවියා ඉස්සරහට යමං"
"විහඟයෝ,පිස්සු නම් කෙලින්න ලේස්ති වෙන්න එපා හරිද.මතකනේ එදා කටා දාගත්ත කෝටාල් එක"
"කටා"විටෙක ලැට්
කටා,විටෙක කොමඩ් කටා නම් වූ ඔහු සැමවිටම අපට නම් කටාම විය.මීහරකා මෙන්ම නමට නිගරු කිරීමට ඔහුද අකමැතිය.





Monday, May 6, 2013

School Bus එක-1


"ඒයි.....නැගිටපා...ං,වල් රිලවො තොට අද ස්කෝලේ නේද?"
සොයුරාගේ කෑගැසීමත් සමගම කවුරුන් හෝ තමාව ඇදෙන් බිමට තල්ලු කර දැමූ බව විහඟට තේරුම් ගියහ.
"මොන මගුලක්ද යකෝ?තොට නින්ද යන්නෑ කියල මං පළිද හරකෝ.තෝව උදේට නැගිට්ටවන්න ගෑනියෙක් ඉන්නව.ඒ බැල්ලිට කතා කරන්න තෝත් ඉරාගෙන නැගිටිනව.තෝ හතරට නෙමෙයි දෙකට නැගිටපං මට මොකද,මට නිදාගන්න දීපංකො......"
"වහපියව් කට දෙන්නම.යකෝ උදේ පාන්දරම තොපිට අමු කැවිලද?"
"නෑ තාත්ති,මම මූව නැගිට්ටුව,මූට එකට මලපැනල"
"මම දැක්ක තෝ නැගිට්ටවපු හැටි,පලයව් දෙන්නම මගෙන් මැරුම් නොකා ලේස්ති වෙයව්"
පියාගේ මරණ තර්ජනය හමුවේ තිසර හා විහඟ සොහොයුරො ලකලැහැස්ති වී,මා පිය දෙපා නැමැද,තිසරට හිමි යතුරු පැදියෙන් නිවසෙන් පිටත් විය.
"මාව හංදියෙන් දාගෙන යනව"
"දානව තමයි,නැත්තං හිතුවද උඹව දාන්න මං ටවුන් යයි කියල"
අයියාගේ යතුරුපැදියෙන් බට විහඟ සෙමින් බස් නැවතුම්පොළේ සුපුරුදු අන්තයට පියමැන්නේය.

"අඩෝ කොට්ටෝරුවා,මොකෝ අද මූණ නිකං පැපොල් වගේ..එන ගමන් කෙහෙල් ගහකටවත් කෙටුවද?"
"එන ගමන් කෙටුවා කෙහෙල් ගහකට නෙමෙයි,තොපෙ අම්......"
විහඟ විසින් ගවිඳුට දුන් පිළිතුරෙන් මූණ පැපොල් කරගත් ගවියාට හීනියට හූවක් අසලින් ඇසින....
"ගවියා ඒක නෙමෙයි බන් අරක ආවද?"විහඟ ඇසීය.
"පල වල් බල්ල යන්න,තොට මම......................

මතු සම්බන්දයි........

මයේ පුතේ.........


පව් නෑ පුතෙ උඹේ අම්මට,
උඹව වැදුවට.....
උරාබීපන් අම්මගෙන් ලේ ටිකක්,
කිරි කරන්......
කියාපන් පුතේ උඹේ කිරිකටින්
අම්මේ කියා.....
ඉවසන් ඉදින් මයේ පුතේ
එනකන් කවුරු හෝ
අම්මා අරන් යන්න
එතකන් ඉදින් පුතේ නාඩා
අම්මා එන්නං උඹට කන්න අරං......
දැනගත් දවසක ශාප කරනු එපා මයෙ පුතේ මට
ඉවසනු බෑ මට උබේ කුසගිනි විලාපය.......