Monday, August 12, 2013

සුවඳයි සබැදේ නුඹ ගැයූ ගී

සුවඳයි සබැදේ නුඹ ගැයූ ගී
පුසුඹ ගෙන දෙයි එය ආදරේ
උදා හිරුවත්,සොඳුරු සඳවත්
උරුම නැති මා ජීවිතේ
සුවඳ කල මැන නුඹ සිනහවෙන්

අතීතය නම් පිපුණු මලකැයි
සිතා සිතනෙමි මේ වෙලේ
අනාගතයේ අඳුරු මාවත් වල
මරු වැලක් අසලද ජීවිතේ

සුවඳ නම් නැහැ උරුම නම් නැහැ දැන්
උරුම කර සිටි සුවඳ විඳ තිබු ආදරේ
සොයා දෙන්නට කෙනෙකු නැතිනම්
කෙලෙස සොයමිද සුවඳ විඳිමිද ආදරේ

No comments:

Post a Comment