Thursday, March 14, 2013

ඇහැට දැක්ක පලවෙනි දවස

පලමු කොටස
බද්දෙගෙ ක්ලාස් ඉවර වෙලා මීටර් සීය දුවන කෙල්ලො හෑට හුටාමාරක් අස්සෙන් ඒ මූන දෑක්කෙ මම අහම්බෙන්.....රෙඩ් ලය්ට් දෑකපු බස් කාරයෙක් වගේ මම එක පාරටම බ්රේක් ගහවෙ ඈය්ද කියල තාම මට හිතාගන්න බෑ. බ්රේක් පාරට මාත් එක්ක ආපු මගේ අති පජාත මිත්තරය විසි වෙලා ගියේ මාතර කොලබක හෑපිච්ච ඩොල්පින් එකෙක් වගේ...,
මටත් ඔල්මොරොන්දන්ද කොහෙද.කොහෙද බොල ඈහෑටුල්ලො මාතර කොලබවල් වල ඩොල්පින්ල වදින්නෙ....උන් ඉන්නෙ මුහුදෙ...ඔන්න ඔරුවක පාරුවක වෑද්ද කිව්වනම් සාදාරනය්...සෑක් මේ කෙහෙම්මල් කෙල්ලෙක් හින්ද මගේ සිස්ටම් එකම අවුල් ගිහිල්ලද කොහෙද..නෑ නෑ කමෝන් තිලා ඔහොම යන් ඔහොම යන්..
බ්රේක් පාරට විසිවෙච්ච මගේ අති පජාත මිත්තරයගෙ අතීසය කුජීත වඳුරු කුනුහරුප අතරෙ මන් ආපහු කෙල්ල දිහා බෑලුවෙ හරියට ඉස්කෝලෙ පීරියඩ් කට් කරලා ආපහු පන්තියට එනකොට මිස් කොහෙද කීල බලනව වගේ පරිස්සමට....ආහ් ඔය මාට්ටු උනේ රබර් ඈහෑට.ආයෙ හෝදන්න දෙයක් නෑ,ඒ වගේ ලස්සන කෙල්ලෙක් සකල සිරි ලන්කාවෙ බද්දෙගෙ ක්ලාස් එකේ ඈරෙන්න වෙන කොහේ වත් නෑය් කියන එකනන් බුදු ශුවර්...දකුනු අතින් සය්ඩ් බෑග් එක අල්ලගෙන,වම් අතින් කොන්ඩෙ හද හද ඔලුව පෑත්තට ඈලකරල එයා හිනා උනු විදිය නම් මාරම ගති.ඒ දිහා මන් බලන් හිටියෙ හරියට මොන්ටිසෝරි කොල්ලෙක් අය්ස්ක්රීම් එකක් දිහා බලන් ඉන්නව වගේ පෙරේත කමකින්........
ඒත් එක පාරටම එයාගාවින් මතු වෙච්ච ගල්පාතයෙක් වගේ එකෙක් මගේ පෑත්තට එන්න පටන් ගත්තා...ඔහ්හ් එන්ටර්ද ඩ්රෑගන් කිව්වලු..මෑන්ස් එකපාරටම මගේ කොලර් එකෙන් අල්ලල මාව හෙලෙව්ව....ඒට පස්සෙ හෙන බ්ලේඩ්තල වොය්ස් එකකින් ..,................ඕය් ඕය් ටිකට් ගන්නවා කියල කෑගෑහුවා...පික්සු වර්ග හෑදෙනව සීන් කෝන් එක මීටර් වෙන කොට මගේ ඈස් ඉස්සරහ මාව ගිලින්න ආපු ඈනකොන්ඩෙක් වගේ බෑල්මට් එකක් දාගෙන් හිටියෙ බස් එකේ කොන්දොස්තරයා....

No comments:

Post a Comment