Monday, April 29, 2013

ඇය යන්න ගියා මැකිලා


ඇය යන්න ගියා මැකිලා
වන සිරසට තුරු සෙවනැලි අතරේ

ගී ගයමින් හිඳ මා තුරුලෙ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුලක් මල් පෙති අග රඳවා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරෙ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවු හදකින්
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහකිය කිසිදින
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා

ගායනය :- අමරසිරි පීරිස්

No comments:

Post a Comment