
සිහිනයේ සැරිසරා,
සිසිල් මද පවනට
ගලා එන අඳුරට පෙම් බැද,
තාලයට ගලායන
ගීයක මිහිරිබව,
ගෙනෙයි ජීවිතයට සිසිල් බවේ සැහැල්ලුව.....
මිතුරු කැළ මැද අතරමංවී

ගෙවී යන කාළයට වෛර කර
සිනහසෙයි අපි අදරෙන්,
ජාතියක් වෛරකල සරසවිය සෙවනේ
සොයා යන ජීවිතේ.....,
කටුකබව කොයිබටද
කියන් මට සබැදේ......,
නුඹේ සිනහව, නුඹේ සෙනෙහස
හැරගියත් කෙදිනක,
මෙයයි නුඹ මට කියාදුන්
සෙනෙහසක අරුමය..............
No comments:
Post a Comment