"ඒයි.....නැගිටපා...ං,වල් රිලවො තොට අද ස්කෝලේ නේද?"
සොයුරාගේ කෑගැසීමත් සමගම කවුරුන් හෝ තමාව ඇදෙන් බිමට තල්ලු කර දැමූ බව විහඟට තේරුම් ගියහ.
"මොන මගුලක්ද යකෝ?තොට නින්ද යන්නෑ කියල මං පළිද හරකෝ.තෝව උදේට නැගිට්ටවන්න ගෑනියෙක් ඉන්නව.ඒ බැල්ලිට කතා කරන්න තෝත් ඉරාගෙන නැගිටිනව.තෝ හතරට නෙමෙයි දෙකට නැගිටපං මට මොකද,මට නිදාගන්න දීපංකො......"
"වහපියව් කට දෙන්නම.යකෝ උදේ පාන්දරම තොපිට අමු කැවිලද?"

"මම දැක්ක තෝ නැගිට්ටවපු හැටි,පලයව් දෙන්නම මගෙන් මැරුම් නොකා ලේස්ති වෙයව්"
පියාගේ මරණ තර්ජනය හමුවේ තිසර හා විහඟ සොහොයුරො ලකලැහැස්ති වී,මා පිය දෙපා නැමැද,තිසරට හිමි යතුරු පැදියෙන් නිවසෙන් පිටත් විය.
"මාව හංදියෙන් දාගෙන යනව"
"දානව තමයි,නැත්තං හිතුවද උඹව දාන්න මං ටවුන් යයි කියල"
අයියාගේ යතුරුපැදියෙන් බට විහඟ සෙමින් බස් නැවතුම්පොළේ සුපුරුදු අන්තයට පියමැන්නේය.
"අඩෝ කොට්ටෝරුවා,මොකෝ අද මූණ නිකං පැපොල් වගේ..එන ගමන් කෙහෙල් ගහකටවත් කෙටුවද?"
"එන ගමන් කෙටුවා කෙහෙල් ගහකට නෙමෙයි,තොපෙ අම්......"
විහඟ විසින් ගවිඳුට දුන් පිළිතුරෙන් මූණ පැපොල් කරගත් ගවියාට හීනියට හූවක් අසලින් ඇසින....
"ගවියා ඒක නෙමෙයි බන් අරක ආවද?"විහඟ ඇසීය.
"පල වල් බල්ල යන්න,තොට මම......................
මතු සම්බන්දයි........
පට්ටයි මචා...
ReplyDelete